අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඩීල් දමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (06) උදෑසන අනු...
අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඩීල් දමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (06) උදෑසන අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
සිංගප්පූරු ගිවිසුමෙන් ලංකාවට යම් යම් අවාසි සහගත කරුණු ඇතුළත්ව ඇති බැවින් එය නැවත වතාවක් සලකා බැලිය යුතු බව ඔහු අවධාරණය කරයි.
මේ අතර, ඊයේ දිනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අග්‍රාමාත්‍යවරයා හා තමා අතර ඇති ගනු දෙනුවක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, තමා අතර කිසිදු ගනුදෙනුවක් නොමැති බවත්, පාර්ලිමේන්තුව තුළ එවැනි ගනුදෙනු ඇත්තේ අගමැතිවරයාට හා අනුර කුමාර දිසානායක මහතාට බවයි.
“අනුර කුමාරයි, රනිලුයි ඒ දෙන්නා ඩීල් දාපුවනේ. එයාලා ඩීල් දැම්මා අපි දැම්මේ නැහැ. ගිය මැතිවරණයටත් ඩීල් දැම්මා, අදත් ඩීල් දානවා. අදත් එයාලා ඒක සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඒ අගමැතියි, ජනාධිපතියි මෙයත් එක්ක තමයි. මෙයා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ අගමැතිට ඕනේ එක. රාජපක්ෂවරුන්ට කරන පරීක්ෂණ ඔක්කොම කරගෙන යනවා. එකක්වත් නවත්තලා නැහැ. දැන් නඩුත් දාන්න යවන්න ගිහිල්ලා තියෙන්නේ. අනේ එයත් එක්ක කවුද විවාද කරන්නේ?”
“සිංගප්පූරු ගිවිසුම වහාම කටයුතු කරන්න ඕනේ නැවත සලකා බලන්න. ඒ අය එකේ තියෙන සමහර ඒවා අපිට ඉතාම අවාසිදායකයි. ඒක නැවත සලකා බැලීම ආණ්ඩුව සැලකිය යුතුයි. පාර්ලිමේන්තුවට ආවේ නැහැනේ ඒක. විපක්ෂ නායකකම ගැන තවම අපිට දන්වලා නැහැනේ. පක්ෂේ මන්ත්‍රීවරු ඔක්කම අත්සන් කරලා දීලා තියෙනවා.”
COMMENTS