පා ස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් වන ලෙස දන්වා ඊට ඉදිර...
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් වන ලෙස දන්වා ඊට ඉදිරිපත් නොවුණහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ඔහුගේ ධුර කාලයෙන් පසුව නඩු පැවරිය හැකි බව එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා ද මෙම කමිටුව හමුවේ කැඳවීමට නියමිත බවට පලවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
තේරීම් කාරක සභාව විසින් ජනාධිපතිවරයා කැදවුවහොත් ඔහු අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතු බවද ඔහු සඳහන් කරයි.
මෙම කමිටුව හමුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැදවන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල කමිටුව විසින් සමාලෝචනය කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
දැනටමත් එහි සාක්ෂි ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කර ඇති බවද ඔහු පැවසීය.

COMMENTS