දිවැසිවරයෙකු බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා විසින් බුදුරජාණන් වහන්සේ පිලිබද අවමන් සහගත ප්‍රකාශයක් කිරීම පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්න...
කිසිම ආගමකට අපහාස කිරීමට කිසිවකුට ඉඩක් නොතබන බවත් පවසන අමාත්‍යවරයා ජෙරම් ප්‍රනාන්දු විසින් බුදුන් වහන්සේට හා බෞද්ධාගමට එරෙහිව සිදුකරන දේශනාවක් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා බවද ඉල්ලා සිටියේය.
බුදුන් වහන්සේ ආලෝකයක් සොයමින් සිටි බවත් ඇත්තවශයෙන්ම බුදුන් වහන්සේ සෙවූ ආලෝකය ජේසුස් වහන්සේ බවත් ජේරම් ප්‍රනාන්දු මෑතකදී සිය දේශනාවකදී කියාසිටියේය. එනිසා සෑබ බෞද්ධයෙකුටම බුදුන් වහන්සේ එබැවින් අවශ්‍ය වන බවත් හෙතෙම සඳහන් කළේය.
දිවැසිවරයෙකු බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා විසින් බුදුරජාණන් වහන්සේ පිලිබද අවමන් සහගත ප්‍රකාශයක් කිරීම පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.බුදුන් වහන්සේ ආලෝකයක් සොයමින් සිටි බවත් ඇත්තවශයෙන්ම බුදුන් වහන්සේ සෙවූ ආලෝකය ජේසුස් වහන්සේ බවත් ජේරම් ප්‍රනාන්දු මෑතකදී සිය දේශනාවකදී කියාසිටියේය. එනිසා සෑබ බෞද්ධයෙකුටම බුදුන් වහන්සේ එබැවින් අවශ්‍ය වන බවත් හෙතෙම සඳහන් කළේය.
එම ආන්දෝලනාත්මක වීඩියෝව පහතින්
නැවත වතාවක් අප රට තුල ආගමික යුද්ධයකට පාර කපන්නට කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි - චාල්ස් තෝමස්
ක්‍රිස්තියානිය පිළිබඳව කරන මෙවන් වැරදි ඉගැන්වීම් සහ තවත් ධර්මයක් පිළිබඳව කරන විකෘති අර්ථකතනයන් හරහා අප රටේ ඊලඟ ආගමික යුද්ධයට පාර කපන බව අපි සිහියේ තබාගත යුතු අතර ... ජේසු පිළිබඳව නිවැරදිව සාක්ෂි දැරීම ක්‍රිස්තියානි කතෝලික අපගේ පරම වගකීම බවද සිහියේ තබාගෙන කටයුතු කල යුතුයි.එසේම මෙවන් පෞද්ගලික මත ප්‍රකාශ කරන අය ඉදිරිපිට අප රටේ ජීවත් වන බෞද්ධ ජනතාව ඉතාම බුද්ධිමත්ව කටයුතු කලයුතු අතර .. කිසිසේත්ම නැවත අප රට තුල ආගම් අතර යුද්ධයකට පාර කපන්නට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය.
COMMENTS