ප්‍රංශ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එරට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කුඩු අංජු ප්‍රංශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයකට සම්බන්ධ...
පෝලන්තයේ පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකීකයෙක් සමඟ එක්ව ඔහු ඊට පිඹුරුපත් සකස්කර ඇති බව බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.
එම පෝලන්ත ජාතිකයා සමඟ කුඩු අංජු ප්‍රංශයේ දී මුණ ගැසුණු අවස්ථාවක ගත් ඡායාරූපයක්ද බුද්ධි අංශ වෙත ලැබී තිබේ. පෝලන්ත ජාතිකයාද විවාහ වී සිටින්නේ පෝලන්තයේ කතක් සමඟිනි. සිය බිරිඳගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කුඩු අංජු තවදුරටත් එරට බන්ධනාගාරයේ රඳවාගෙන සිටී. ඒ ඔහුගේ අපරාධ සම්බන්ධයෙන් වූ ලිපිගොනු එරටට ලැබෙන තුරුය.
කුඩු අංජු මේ වන විට සිය නීතිඥවරයාගේ අවසරයෙන් තොරව ඔහුව බැලීමට එන කිසිදු පුද්ගලයෙක් සමඟ කතාබහක නිරත නොවන බවට තොරතුරුද එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය.
කුඩු අංජුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු වරෙන්තුව නිකුත් කර ඇත්තේ අත්බෝම්බයක් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි. ඒ හැරුණු කොට ඔහු ඝෘජුවම මෙරට දී සම්බන්ධ වූ මිනිස් ඝාතන හා දරුණු ගණයේ අපරාධ නැති බවත් ඔහුට එරෙහිව ඇත්තේ මිනිස් ඝාතන අපරාධ මෙහෙයැවීම්වලට අදාළ චෝදනා බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. එම සෑම අපරාධයක්ම සිදුවන විට ඔහු මෙරට සිට නැති බව ද සඳහන්ය.
මේ හැරුණු කොට කුඩු අංජු ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් බව කියැවුණත් ඔහුට එරෙහිව මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් විභාග වන නඩු නොමැති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. කුඩු අංජු මත්කුඩු ජාවාරමට සම්බන්ධ වී ඇත්තේ ප්‍රවාහනය සහ බෙදා හැරීමට බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ
ප්‍රංශ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එරට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කුඩු අංජු ප්‍රංශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයකට සම්බන්ධ වීමට සූදානමින් සිට ඇති බවට තොරතුරු රැසක් මෙරට බුද්ධි අංශ වෙත ලැබී තිබේ.එම පෝලන්ත ජාතිකයා සමඟ කුඩු අංජු ප්‍රංශයේ දී මුණ ගැසුණු අවස්ථාවක ගත් ඡායාරූපයක්ද බුද්ධි අංශ වෙත ලැබී තිබේ. පෝලන්ත ජාතිකයාද විවාහ වී සිටින්නේ පෝලන්තයේ කතක් සමඟිනි. සිය බිරිඳගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කුඩු අංජු තවදුරටත් එරට බන්ධනාගාරයේ රඳවාගෙන සිටී. ඒ ඔහුගේ අපරාධ සම්බන්ධයෙන් වූ ලිපිගොනු එරටට ලැබෙන තුරුය.

COMMENTS