දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු බෝම්බ, තව්හිද් ජරමර අස්සේ ජාතික ආර්ථිකයේ හදවත කපා කෑල්ලක් ඉන්දියාවට, ජපානෙට දෙන්න ගිවිසුම්ගත වෙයි
Homeප්‍රවෘත්ති

පාස්කු බෝම්බ, තව්හිද් ජරමර අස්සේ ජාතික ආර්ථිකයේ හදවත කපා කෑල්ලක් ඉන්දියාවට, ජපානෙට දෙන්න ගිවිසුම්ගත වෙයි

PropellerAds

පා ස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇතිව තිබෙන අවිනිශ්චිත වාතාරවණය තුළ ඇතිවෙමින් පවතින සිද්ධිදායම අතරතුර රටේ ජාතික සම්පත් විජාතිකකරණය කිරී...

විරෝධය පා වාසු-විමල්-උදය පොහොට්ටු පක්‍ෂ නායක හමුවෙන් නැගිට යයි
විජේදාස කෑගහන්නේ කැබිනට් ඇමතිකමක් දුන්නැති නිසා.. ඔහුට විනය පරීක්‍ෂණ කැදවනවා - පොහොට්ටුව කියයි
රාජපක්‍ෂලාගේ ගිණුම්වලට චීනයෙන් මුදල් ආ බව පැහැදිලියි - නලින් හේවගේ
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇතිව තිබෙන අවිනිශ්චිත වාතාරවණය තුළ ඇතිවෙමින් පවතින සිද්ධිදායම අතරතුර රටේ ජාතික සම්පත් විජාතිකකරණය කිරීමේ වැඩපිළිවෙල ඉතා යහමින් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වේ. මේ වන විට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හා ජපානයට කොටස්කර ලබා දීම පිළිබදව කතා බහක් ඇතිව තිබෙන අතර, මේ ඒ පිළිබදව සිරස රූපවාහිනිය ගෙන ආ වාර්තාවකි.
 කෙළඹ වරායේ නැගෙනහිර පර්යනතය මේ දිනවල රට තුළ ආන්දොලනයක් මතු කළ මාතෘකාවකි. ඒ අපට සංවර්ධනය කිරිමේ හැකියාව තිබියදී, ඉන්දියාව, ජපානය හා සමග එක්ව නැගෙනහිර පර්යන්තය සංවර්ධනයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බැවිනි.

එබදු ගිවිසුමකට එළඹිම හුදකලා සිද්ධියක් ලෙස නොව රටේ ජාතික ආර්ථිකයට බලපාන කාරණවක් ලෙස සැළකිය යුතුයි.

ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යක් වුව ද , ලෝක භූ දේශපාලනයේදී උපාය මාර්ගික වාශයෙන් වැදගත් වන රටකි.

රට සතු ස්වභාවික සම්පත් සේම රටේ පිහිටීම ද , අවශේෂ ලෝකයා විසින් ප්‍රයෝජනයට ගත්තේ ඈත අතිතයේ සිටයි .

එහිදී රට තුළ අභ්‍යන්තර අර්බුද නිර්මණය කර තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට , විදේශිකයින් වගබලා ගත්තේ ය.

එම තත්ත්වයන් රහසක් නොවන බැවින් , රට අභ්‍යන්තරයේ කවර දේශපාලනික බල අරගලයන් පරස් පරයන් තිබුණද , රට සතු සම්පත් විදේශිකයන්ට අවැසි පරිදි පරිහරණය කර වැඩි ප්‍රතිලාභ අත්කර ගත හැකි තත්ත්වයන්ට පාර නොකැපීම රට කරවන්න්ගේද , රට කරවීමට අපේක්ෂා කරන්නන්ගේද වගකීමයි .

ජාතික ආර්ථිකයේ හදවත බදු කොළඹ වරාය පිළිබද අප ඊයේ වාර්තා කළේ, එහි තවත් වැදගත් මරමස්ථානයක් විදේශිකයින්ට වැඩි වාසි අත්වන පරිදි , පැවරීමට පියවර ගෙන ඇති පසුබිමකයි.

කොළඹ වරයේ ප්‍රධාන පර්යන්ත තුන අතරින් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරන, එස් ඒ ජී ටී හෙවත් දකුණු ආසියානු ගේට්වේ පර්යන්තය පිළබදව අප ඊයේ ඔබට කරුණු වාර්තා කළේ ය.

එහි හිමිකාරීත්වය 85%ක් පෞද්ගලීක අංශයටත් 15% ක් රාජ්‍ය අංශයටත් හිමිවන අයුරින් බෙදී ගොස් තිබේ.

එසේ පෞද්ලිකකරණයට ලක්ව ඇති 85%ක හිමිකාරීත්වයෙන් වැඩි කොටසක් මෙරට පෞද්ගලික ආයතනයකට හිමිව තිබීමද විශේෂත්වයකි.

2013 ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය අඩි 20හි බහාලුම් මිලියන 03 ක් හැසිරවීමේ පහසුකම්වලින් සමන්විතවිය.

මෙහි ඉදිකිරිම් ආරම්භ වන්නේ,පෞද්ගලික අංශය , චීනය සහ ශ්‍රී ලංකා වරාය අධීකාරීය යටතේ ක්‍රියාත්මක වන ව්‍යෘපෘතියක් ලෙසයි..

ඒ සදහා පළමු ඇස්තමේන්තු ගත මුදල ඇමරිකන් ඩොලර් මිලියන 400කි.

නමුත් එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 500 දක්වා ඉහළ යාමත් සමග, අදාළ පාර්ශව තුනෙන් පුද්ගලික අංශය ඉවත් වේ.

ඒ අනූව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චීනය අතර සහයෝගිතා ගිවිසුමක් ආකාරයෙන් මෙම පර්යන්තය ඉදි කෙරිණ.

ඒ අනූව මෙහි ළාභ බෙදාගැනීම හා හිමිකාරීත්වය85% චීනයට හිමිවන අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන්නේ 15%ක කොටස් හිමිකාරිත්වයක් පමණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක පමණක් කොටස් හිමි කොළඹ වරායේ මෙම පර්යන්තය, දකුණු ආසියාවේ දැනට පවතින එකම ගැඹුරු පර්යන්තය වීම කාගෙත් අවධානය යොමු විය යුත්තකි.

මීටර් 1200ක දිගකින් යුතු මෙම පර්යන්තයේ පළමු වසර තුළ පමණක් කන්ටේනර් මිලියන 2.4ක ධාරිතාවක මෙහෙයුම් සිදුකර ඇතැයි වරාය අධිකාරියේ දත්ත වල සඳහන් ය.

මේ වනවිට කොළඹ වරායේ වැඩි වශයෙන් මෙහෙයුම් සිදුකරන මෙම පර්යන්තයේ අයිතිය ඒ ආකාර වෙද්දී, ඊට යාබදින් පිහිටි වරාය නගරය ඉදිකරන්නේ චීනයේ මැදිහත්වීමෙනි.

එවන් තත්ත්වයක් තුළ ප්‍රශ්ණගත නැගෙනහිර පර්යන්තයද තවත් රටවල් දෙකක් සමග එක්ව මෙහෙයවීමට මේ වනවිට වත්මන් රජය සැලසුම් සකස් කර තිබේ. .

ඒ සියයට 51ක කොටස් ශ්‍රී ලංකාවටත්, සියයට 49ක කොටස් ඉන්දියාවට හා ජපානයට හිමිවන අයුරිනි.

ඒත් සමග, මෙරට ප්‍රධානතම ආර්ථික මර්මස්ථානයක් වන කොළඹ වරායේ බහාලුම් කටයුතු සිදු කෙරෙන පර්යන්ත තුනේ හා යෝජිත නැගෙනහිර පර්යන්තයේ කටයුතු වලින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවී ඇත්තේ 45%ක කොටස් පමණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු බෝම්බ, තව්හිද් ජරමර අස්සේ ජාතික ආර්ථිකයේ හදවත කපා කෑල්ලක් ඉන්දියාවට, ජපානෙට දෙන්න ගිවිසුම්ගත වෙයි
පාස්කු බෝම්බ, තව්හිද් ජරමර අස්සේ ජාතික ආර්ථිකයේ හදවත කපා කෑල්ලක් ඉන්දියාවට, ජපානෙට දෙන්න ගිවිසුම්ගත වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmmnKhZ2Nid6il36ZaUCFfAy-Y_8-PpoyTRBubnW0hgs3OYfEIqJfBhNxyxwuvPSAl4rTo8lQ9VQzHgFxBYw_RvD2QzpkqoViYOTyVlcZBLPA5NmCK5ls-czAa1KT162dcLF6AOOiVfdiF/s320/fsdghfghfg-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmmnKhZ2Nid6il36ZaUCFfAy-Y_8-PpoyTRBubnW0hgs3OYfEIqJfBhNxyxwuvPSAl4rTo8lQ9VQzHgFxBYw_RvD2QzpkqoViYOTyVlcZBLPA5NmCK5ls-czAa1KT162dcLF6AOOiVfdiF/s72-c/fsdghfghfg-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy