දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ මාතර දිස්ත්‍රික් ක්‍රියාන්විතය ඇරඹේ.
Homeප්‍රවෘත්ති

නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ මාතර දිස්ත්‍රික් ක්‍රියාන්විතය ඇරඹේ.

PropellerAds

රටේ ජනතාව ප්‍රශ්නවල කොටස්කරුවන් කරනවා වෙනුවට විසඳුම්වල කොටස් කරුවන් බවට පත් කිරීමේ අරමුණ තම දේශපාලන දැක්ම බවත් ඒ අරමුණ පෙරදැරි කරගනිමින් ...

"ඇඳුම වෙනස් කරන්න කැබිනට් මණ්ඩලය ඕන නෑ - මම ලේකම් මට බලය තියෙනවා" - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් - (video)
පාස්කු බෝම්බ ප‍්‍රහරයෙන් පසු ලංකාවේ ආර්ථිකය තවත් වේගවත් වුනා - හැරිසන්
කොලපාට තණතිරුවල අපට ගහන්න බෑ - ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන විරෝධයේ !

රටේ ජනතාව ප්‍රශ්නවල කොටස්කරුවන් කරනවා වෙනුවට විසඳුම්වල කොටස් කරුවන් බවට පත් කිරීමේ අරමුණ තම දේශපාලන දැක්ම බවත් ඒ අරමුණ පෙරදැරි කරගනිමින් නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු නොමැති පවුල් වෙනුවෙන් ඉඩම් ඔප්පු ලබා දීම සිදු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු නොමැති පවුල් 4000කට ආසන්න ප්‍රමාණයකට නීත්‍යනුකූල ඉඩම් හිමිකම් බලපත්‍ර ලබාදීම වෙනුවෙන් දෙණියායේ දී ඊයේ (05) පැවැත්වූ උත්සවයේ දී ය.

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධනත්වයෙන් පැවති මෙම උත්සවයට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ  හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද එක්විය.
නීත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම මාතර දිස්ත්‍රික්කයේ දී පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ ද කීය.

"මේ වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.මේ සඳහා ගතවුනේ සතිතුනක පමණ කාලයක්.ඉඩම් ප්‍රශ්නයසමහර තැන්වලදී දශක දෙක තුනක් දක්වා ඇදී යනවා.නමුත් විසඳුම් ලැබිලා නෑ.අපේ අරමුණ මේ ඉඩම් ගැටළුවෙන් පිඩාවිඳින අසරණ ජනතාව එයින් මුදවාගෙන ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමයි.තමන් ඉන්න ඉඩමේ සුරක්ෂිභාවය ඇතිවීම තුළින් එ පවුල ආර්ථික වශයෙනුත් සුරක්ෂිත වෙනවා.

අපි මේ ආණ්ඩුව ගද්දි ජනතාවට පොරොන්දු රැසක් දුන්නා.ඒ පොරොන්දු එකක්වත් අපි අමතකකරලා නැහැ.අපි ඒ පොරොන්දු එකින් එක ඉටුකරමින් ඉන්නවා.

අපි ආණ්ඩුව ගද්දිම කිව්වා තේවලට ඉහළ මිලක් ලබා දෙනවා කියලා.මුලින්ම අපි තේවලට ස්ථාවර මිලක් ලබා දුන්නා.දැන් අද වෙද්දි තේවලට රුපියල් සීයකට එහා ගිය මිලක් ලැබිලා තියෙනවා.
නමුත් මේ ජනතාව තේ වගාවේම හිරවී ඉන්න අවශ්‍ය නැහැ. අපි ඉද්රියේ දී සංචාරක ව්‍යාපාරය තුලින් දකුණ දියුණු කිරීමේ නව වැඩපිළිවෙල ආරම්භ කරනවා.එ් හරහා දකුණේ ආර්ථිකය තවත් ශක්තිමත් කිරීමයි අපේ අරමූණ වෙන්නේ.

හම්බන්තොට වරාය දියුණු කිරීමේ ව්‍යාපෘතිය දැන් ආරම්භ කරලා තියෙනවා.ඒ හරහා බිහිවන හම්බන්තොට කර්මාන්ත පුරය දකුණේ ආර්ථිකය තව තවත් ශක්තිමත් කරනවා.

මේ හැම දේම කරන්න කලින් අපිට විශාල වගකීමක් පැවරිලා තිබුණා.ඒ තමයි රටේ සමඟිය ඇති කරලා ආරක්ෂාව, සාධාරණත්වය සියලු පුරවැසියන්ට එකසේ ලබා දීම. අපිට ඒ දේ කරන්න පුළුවන් වුණා. රටේ පුරවැසියාට වගේම සංචාරකයාට මෙන්ම ආයෝජකයාටත් රට පිළිබඳ ආකර්ශනයක් ඇතිවෙන්නේ එවිටයි.අපිට ඒ අරමුණ ජය ගන්න හැකිවෙලා තියෙනවා.

අපි මේවන විට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා.ඒතුළින් ජනතාවගේ ආර්ථිකයට ලැබෙන්නේ විශාල ශක්තියක්.

ඒවගේම තමයි විශේෂයෙන්ම මතක් කළ යුතු දෙයක් තියෙනවා.ඒ තමයි ගර්භනී මාතාවන් වෙනුවෙන් ලබා දෙන රැපියල් විසදහසක මුදල තමන්ගේ ජංගම දුරකතනය හරහා ලබා දීමේ ක්‍රමවේදය අපි ලඟදීම ආරම්භ කරනවා.එතකොට ඒ මුදල් තවති විධිමත් අකාරයෙන් සිදුකිරීමට අපිට හැකියාව ලැබෙනවා. මේ දේවල් දරාගන්න බැරි පිරිස් විවිධ අවලාද අපවාද නඟනවා.අපි ඒවාට බිය වෙන්නේ නැහැ. අපේ අරමුණ වෙන්නේ තමාට සේවය කර ගැනීම පසෙක ලා රටේ ජනතාවට සේවය කිරීමයි. "

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ මාතර දිස්ත්‍රික් ක්‍රියාන්විතය ඇරඹේ.
නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ මාතර දිස්ත්‍රික් ක්‍රියාන්විතය ඇරඹේ.
http://ift.tt/2yxc3PF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_162.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_162.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy