යා පනය තීරුතීවු දූපතේ වලදමා තිබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 12 ක් ඇතුලු යුද උපකරණ තොගයක් වලදමා තිබියදී සොයා ගත් බවට යාපනය පොලිස් විශේෂ කා...
යාපනය තීරුතීවු දූපතේ වලදමා තිබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 12 ක් ඇතුලු යුද උපකරණ තොගයක් වලදමා තිබියදී සොයා ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් ලැබුනු බුද්ධි තොරතුරකට අනුව තීරු දූපතේ සිදු කරන ලද සෝදිසි පරික්ෂාවකදී අදාල අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගය ආරක්ෂිතව වලදමා තිබියදී සොයාගෙන ඇත.
එහිදී ප්ලාස්ටික් බොතල් වලට දමා ආරක්ෂිතව වලදමා තිබී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 12 ක් සමගින් විදුලි නොවන ඩෙටනේටර් 98ක් සහ අඩි එකහාමාරේ සේවානූල් කෑලි 21 ක් තිබී හමුවී ඇත.
මෙසේ හමු වූ පුපුරණද්‍රව්‍ය හා ඩෙටනේටර් අධිකරණ නියෝගයකට අනුව විනශා කර දැමීමට පියවර ගෙන ඇතයි යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියි.

COMMENTS