මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්...
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව අද(17) දින අදාළ ප්‍රකාශය ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත පැමිණෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශයෙන් සිදුකළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කළේය.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී පැහැරගැනීමට ලක්වූ අතර දින කිහිපයකට පසු ඔහු මුදා හැර තිබුණේ කෲර ලෙස වධ හිංසනයට ලක් කිරීමෙන් අනතුරුවයි.
මීට අමතරව මෙම පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණි.
COMMENTS