මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට යලිත් පස් කන්දක් කඩා වැටිමෙන් එම ම...
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට යලිත් පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව හැටන් පොලිසිය කියති.
මෙම පස් කන්ද කඩා වැටි ඇත්තේ අද උදැසන 9.30 ට පමණය. මෙම පස් කන්ද කඩා වැටි ඇත්තේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේදිය.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පරණ කොළඹ මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිමේ කටයුතු හැටන් පොලිසිය මගින් මේ වන විට ආරම්භ කර ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS