ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. වට්සැප් සමූහ හරහා ෆ්‍රී රිලෝඩ් මුවාවෙන් විවිධ යෙදවුම් හරහා ජංගම...
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
වට්සැප් සමූහ හරහා ෆ්‍රී රිලෝඩ් මුවාවෙන් විවිධ යෙදවුම් හරහා ජංගම දුරකථනයේ පෞද්ගලික දත්ත සොරගැනීමේ වසංගතයක්…
පසුගිය දිනවල වට්සැප් සමූහ හරහා නොමිලයේ ෆ්‍රී රිලෝඩ් ලබාගතහැකි Android/IOS යෙදුමක් පිලිබදව වාර්තාගතවන අන්දමින් පණිවිඩ හුවමාරුවුනු අතර මේ පිලිබදව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් සිදුකරන ලද සොයාබැලීමකදී අනාවරණය කරගැනීමට ලැබුනේ මෙලෙස නොමිලේ ෆ්‍රී රිලෝඩ් ලබාදීම පිටිපස විශාල ජංගම දුරකථන දත්ත සොරකමක් සිදුවන බවය.
මෙම දත්ත සොරකම ෆ්‍රී රිලෝඩ් ලබාගැනීම සදහාවූ යෙදවුම් භාවිතා කරන පුද්ගලයන්ගේ නොදැනුවත්කම නිසා හොර රහසේම සිදුවන ක්‍රියාවක් බවත් එම පුද්ගලයන් ෆ්‍රී රිලෝඩ් ලබාගැනීමට තිබෙනා උනන්දුව නිසා මෙම දත්ත සොරකමට ගොදුරුනොවූ පුද්ගලයන්ගේ දත්ත පවා නොදැනුවත්ව වෙනත් පාර්ශවයකට අත්පත් කරලීමට කටයුතු කරමින් ඇත.
මූලික වශයෙන් ජංගම දුරකථන සබැදුම්,කෙටි පණිවිඩ,දුරකථන ඇමතුම් ලැයිස්තු,ජංගම දුරකතනයේ ඇති වෙනත් යෙදවුම් හා සම්බන්ධ දත්ත මෙසේ ඔවුන් ලබාගන්නා අතර මෙම යෙදුම් භාවිතයෙන් ජංගම දුරකථන පරිශීලකයාට නොදැනීම ජංගම දුරකතනයේ ප්‍රොසෙසරය ආදී දෑ භාවිතා කරමින් Crypto මුදල් ඉපැයීම සිදුකල හැක.
මේ නිසා ජංගම දුරකථන මන්දගාමී වීම හා වරක් ආරෝපණය කලවිට පවතින ජංගම දුරකතන බැටරි ආයුකාලය අඩුවීමද සිදුවිය හැක.මේ වසංගතය පිලිබදව මහජනයා දැනුවත් කොට ඔවුන්ගේ දත්ත තවත් පාර්ශවයක් අතට පත්වීම වැළැක්වීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප සියලුම මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

COMMENTS