දියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 19 දෙනෙක් තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. ම...
දියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 19 දෙනෙක් තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ බස් රථයේ තුන්වැනි ආසන පේළියේ වේ. පිපිරිමට හේතුව කුඩා අත්බෝම්බයක් බව විමර්ශන වලදී හෙළි වී තිබේ.
රජයේ රස පරික්ෂක මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.
ඒ අනුව යුද හමුදා සෙබලුන් 7 දෙනෙකු සහ ගුවන් හමුදා සෙබලුන් 5 දෙනෙකු සහ සමාන්‍ය පුද්ගලයින් 7 දෙනෙකුද තුවාල ලබා ඇති බව යුද හමුද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
කහගොල්ල දෙසට ධාවනය වෙමින් පැවති බස් රථයක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේය.
අද අළුයම 5.30ට පමණ මෙය සිදුවී ඇති අතර තුවාල ලැබූ පිරිස් දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.
කෙසේවෙතත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය.
COMMENTS