ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ජාතික ආණ්ඩු ගිවිසුම ඉදිරියටත් පවත්වාග...
ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජාතික ආණ්ඩු ගිවිසුම ඉදිරියටත් පවත්වාගෙන යන බවද අගමැතිවරයා සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය සමග අත්සන් කළ ජාතික ආණ්ඩු ගිවිසුමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වී නොමැති බව එහි මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසී ය.
ජාතික ආණ්ඩුවේ වලංගුභාවය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම ඇතුලූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (20) කළ කරුණු විමසීමට පිළිතුරු ලෙස එක්සත් නිදහස් සන්ධාන මහ ලේකම්වරයා මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
COMMENTS