රාජ්‍ය ආයතනයක නොසැලිකිලිමත් බව නිසා මහජනතාවගේ පෞද්ගලිකත්වයට හානි සිදු විය හැකි අවස්තාවක් පිළිබදව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ. මහජනතාව සිය ...
රාජ්‍ය ආයතනයක නොසැලිකිලිමත් බව නිසා මහජනතාවගේ පෞද්ගලිකත්වයට හානි සිදු විය හැකි අවස්තාවක් පිළිබදව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.
මහජනතාව සිය ජාතික හැදුනුම්පත් සාදා ගැනීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලේඛන, ඡායාරූප, උප්පැන්න සහතික ආදිය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආපන ශාලාවේ අනාරක්ෂිත ලෙස තැන්පත් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මෙම ලිපි ලේඛන එම ආපන ශාලාවට පැමිණෙන ඕනෑම අයෙකුට රැගෙන යා හැකි වන අයුරින් ගබඩා කර තැබීම නිසා උප්පැන්න සහතික, ග්‍රාම සේවා සහතික, පොලිස් සහතික හා ඡායාරූප ඇතුලු ඉතා රහසිගත ලේඛන මෙම ස්ථානයේ ගබඩා කර තිබේ.
එම ලියකියවිලි මෙරට පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික ලිපි ලේඛන නිසා ඒවා අස්ථානගත වීම පෞද්ගලිකත්වයට බලපාන ගැටලුවක් විය හැකි බව ජනතාව පවසති.
එම ආපනශාලාවේ ලිපිලේඛන තැන්පත් කර තිබෙන අයුරු පහතින්,
COMMENTS