දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආරක්ෂාව පතා ලංකාවට පලා ආ පාකිස්තාන් සරණාගතයින් යළි පකිස්ථානයට !
Homeප්‍රවෘත්ති

ආරක්ෂාව පතා ලංකාවට පලා ආ පාකිස්තාන් සරණාගතයින් යළි පකිස්ථානයට !

PropellerAds

දේ ශපාලනික හේතුන්මත එල්ල වූ තර්ජන මත ජිවිත ආරක්ෂාව පතා සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ජාතිකයින් 600ක් පමණ යළි පකිස්ථානය...

මෛත‍්‍රීට නියෝජ්‍ය අගමැති ධුරය දෙන්න පොහොට්ටුව සූදානම් - ජනපති ගෝඨා.. අගමැති මහින්ද !
Election Commission prepares to hold PC polls
ගෝටාභයට රැල්ලක් නෑ.. වහල්ලු ටිකක් පස්සෙන් යනවා විතරයි.. රාජපක්‍ෂලා යලිත් පරාජය කල යුතුමයි - ටිල්වින් සිල්වා
දේශපාලනික හේතුන්මත එල්ල වූ තර්ජන මත ජිවිත ආරක්ෂාව පතා සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ජාතිකයින් 600ක් පමණ යළි පකිස්ථානය වෙත පිටුවහල් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

පසුගිය ඉරිදා (21) එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇතිවී ඇති දේශපාලන තත්වය සලකා මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි පැවසේ.

මෙම පකිස්තානු සරණාගතයින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ලියාපදිංචි වී මීගමුවේ සහ පස්යාල යන ප්‍රදේශවල තාවකාලික කුලී නිවාස වල පදිංචිව සිටි අතර කුඩා දරුවන් 150ක් ද අයත් මේ පිරිසට අයත් වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ඇතැම් පිරිස් වලින් ඔවුන් වෙත නොයෙකුත් බලපෑම් එල්ලවීම හේතුවෙන් රජයේ ආරක්ෂක අංශ විසින් පසුගිය බදාදා (අප්‍රේල් 24) මිගමුව පොලිස් ස්ථානය වෙත ඔවුන් රැගෙන එනු ලැබූ ලැබිය.

ඒ එම පාකිස්තාන ජාතිකයින් තමන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීමක් අනුවය. ඒ අනුව ආරක්ෂක අංශ ඔවුන්ට ආරක්ෂාව ලබා දී ඇත.

කෙසේ වුවත් මෙලෙස පදිංචි කරන ලද පිරිසට බ්‍රහස්පතින්දා (අප්‍රේල් 25) පස්වරුවේ ගම්වැසියන් පිරිසකගේ විරෝධය එල්ල වූ අතර, ගම්වැසියන් කියා සිටියේ වහාම මොවුන් ලංකාවෙන් පිටුවහල් කළ යුතු බවය.

ප්‍රමාණවත් පහසුකම් නැහැ :

 වාර්තා වී ඇති පරිදි, 600 ක් පමණ වන මෙම පකිස්තානු සරණාගතයින් මුලික අවශ්‍යතා සපුරා ගැනීමේදී මේවනවිට බරපතල අර්බුදයකට මුහුණ දී සිටිති. ඔවුන් සියලු දෙන වෙත ඇත්තේ එක් වැසිකිලියක් පමණක් බව වාර්තාවේ.

ඔවුන් වෙත එල්ලවී ඇති තර්ජන හා පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී කරුණු සලකා බලා එම පිරිස වව්නියාවේ තුම්තොටම් හි පදිංචි කරවීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා කැමැත්ත පළකර ඇති අතර උතුරේ හා දකුණේ ආණ්ඩුකාරවරුන්ද එම සරණාගතයින් ගෙන් පිරිසකට තම ප්‍රදේශ තුල තාවකාලිකව නවාතැන් දීමට එකඟත්වය පළකර තිබෙන බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

එසේම, එම සරණාගතයින් සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක අංශ ද එකඟතාවය පළකර ඇතැයි වාර්තාවේ.

එසේ තිබිය දී එම සරණාගතයින් පිරිස යලිත් පාකිස්ථානයට පිටුවහල් කටයුතු බවට ඉදිරිපත්ව ඇතැයි කියන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර සංවිධාන වල අප්‍රසාදය එල්ල වෙමින් පවතින බව විදෙස් අමාත්‍යංශ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

srilankamirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරක්ෂාව පතා ලංකාවට පලා ආ පාකිස්තාන් සරණාගතයින් යළි පකිස්ථානයට !
ආරක්ෂාව පතා ලංකාවට පලා ආ පාකිස්තාන් සරණාගතයින් යළි පකිස්ථානයට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1Q5BV9FZRVqhHTJ8bGJXM-a5rNXhiaxa-GRhZRL0-AszV02Q0sIqAv8qrJM_qWfBIJ5ONHfkLLNcA2d9_vpf-YzBZ5MwXn1oYVH0wZfcHybbkFzelEyofojEbiTwrBHnNw8iVa1xOlp4T/s320/d4dbea9d6bc498edb2929a2fe8ba00bb_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1Q5BV9FZRVqhHTJ8bGJXM-a5rNXhiaxa-GRhZRL0-AszV02Q0sIqAv8qrJM_qWfBIJ5ONHfkLLNcA2d9_vpf-YzBZ5MwXn1oYVH0wZfcHybbkFzelEyofojEbiTwrBHnNw8iVa1xOlp4T/s72-c/d4dbea9d6bc498edb2929a2fe8ba00bb_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_94.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_94.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy