ජ නමාධ්‍යවේදීන් ඝාතනය හා පැහැරගෙනයාමේ චෝදනා එල්ලව සිටින මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතා නැවත සක්‍රිය සේවයට යොදා ගැනීමට හේතුව හමුදාපති ලුතිනන්...
ජනමාධ්‍යවේදීන් ඝාතනය හා පැහැරගෙනයාමේ චෝදනා එල්ලව සිටින මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතා නැවත සක්‍රිය සේවයට යොදා ගැනීමට හේතුව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් හෙළිකර තිබේ. ඔහු සතු විශේෂඥතාවය ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔහුව සක්‍රිය සේවයේ යොදවා ඇති බවත්, මේජර් බුලත්වත්ත කටයුතු කරනු ලබන්නේ තමාගේ ඍජු අධීක්ෂණය යටතේ බවත් හමුදාපතිවරයා හෙළිකර ඇත.
ඔහු සේවයේ යොදවා ගැනීමෙන් කිසිදු නඩු කටයුත්තට හෝ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ද හමුදාපතිවරයා කියා සිටී.
එසේම එම තීන්දුව සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව වගකියන බව ද හමුදාපතිවරයා සඳහන් කරයි.
ඔහුට එරෙහි චෝදනා වලට පවා වගකිව යුත්තේ ඔහුට අණ දුන් පුද්ගලයන් බව පැවසූ හමුදාපතිවරයා එම අණ ලබා දීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධ නැති බව ද අවධාරණය කර සිටියේය.
මාධ්‍ය වාරණය
දිවයින පුරා සිදුවන වැටලීම් වාර්තා කිරීමට මාධ්‍යයට වාරණයක් නොමැති නමුත්, වගකීම් සහගත වාර්තා කිරීම වෙනුවට මධ්‍ය “රඟපෑම" වළක්වන ලෙස රජයෙන් ඉල්ලා සිටියේ තමන් බවද යුද හමුදාපතිවරයා කියා සිටී.
බෝර දොලහේ තුවක්කුවට යොදන උණ්ඩ තුනක් අත්අඩංගුවට ගැනීම ඇතැම් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ ආයුධ ගබඩාවක් අත්අඩංගුවට ගැනීම වැනි අදහසක් මහජනතාව තුළ ජනිත කරමින් බව ද කී ඒ මහතා නැති අනාරක්ෂිත තත්ත්වයක් පෙන්වීමට ඔවුන් වක්‍රව උත්සාහයක යෙදුණු බවට ද චෝදනා එල්ල කළේය.
වයඹ සිද්ධිය පිටුපස ප්‍රබල හස්තයක් !
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වයඹ පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවගේ දේපළ හානි කිරීමේ සිදුවීම් පිටුපස ප්‍රබල හස්තයක් ක්‍රියාත්මක වූ බවත් හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය.
බදුයුදීන් කළ බලපෑම ? ඉල්ලීම ?
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසීය
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් නිදහස් කරන ලෙසට බලපෑම් සිදු වු බවට මැයි මස 05 දින පුවත්පතකට සිදුකල ප්‍රකාශය පිළිබඳව එහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ එය බලපෑමකට වඩා ඉල්ලීමක් ලෙස තමන් සඳහන් කිරීමට කැමති බවයි.
එහිදී එක්තරා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව රිෂාඩ් ඇමතිවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් එහිදී තමන් විසින් ඊට පිළිතුරු 2ක් ලබාදුන් බවත් යුධ හමුදාපතිවරයා කියා සිටියේය.
පළමු අවස්ථාවේ දී තමන් අදාළ සැකකරු පිළිබඳව සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන බවත්, දෙවනි වරත් ඒ පිළිතුරම ලබා දුන් බව පැවසු හමුදාපතිවරයා තුන්වෙනි වර ඇමතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට පත් වුවන් අතර එවන් පුද්ගලයෙකු සිටින බවත් නැවත අවුරුදු එක හමාරකට පසුව මෙම දුරකථන ඇමතුම ලබා ගන්නා ලෙසත්ය.
තමා වසර එකහමාරකින් නැවත කතා කරන ලෙස දැන්නුවේ තමාට සැකකරුවකු වසර එකහමාරක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඇති අයිතිය යටතේ බවද ඔහු කීය.
ඊයෙ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

COMMENTS