දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන් නිදහස් කරන්න ජනපති මෛත්‍රීගෙන් විග්නේස්වරන්ට පොරොන්දුවක්
Homeප්‍රවෘත්ති

එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන් නිදහස් කරන්න ජනපති මෛත්‍රීගෙන් විග්නේස්වරන්ට පොරොන්දුවක්

PropellerAds

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී සිටින කිළිනොච්චියේ එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන්ව මානුෂීය හේතූන් මත නිදහස් කිරීමට පියවර ගන්න ලෙ...

මහාචාර්ය මොහාන් මුණසිංහට ප්‍රංශයේ ඉහළම ගෞරව සම්මානය
ලිට්රෝ සමාගමේ සභාපති තනතුරට නිශ්ශංක නානායක්කාර
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 04 ක් ආනයනය කරයි
එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන් නිදහස් කරන්න ජනපති මෛත්‍රීගෙන් විග්නේස්වරන්ට පොරොන්දුවක්

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී සිටින කිළිනොච්චියේ එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන්ව මානුෂීය හේතූන් මත නිදහස් කිරීමට පියවර ගන්න ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පසුගිය 18වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ජනාධිපතිවරයා කිළිනොච්චියට පැමිණි අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයාට මතක් කොට ඇත්තේ ආනන්දන් සුදාකරන්ව නිදහස් කිරීම සම්බන්ධයෙන් අත්සන් ලක්ෂයක් සමග තමන් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය සම්බන්ධයෙනි.

ආනන්දන් සුදාකරන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුව සිටි අවධියේදී කොළඹ බෝම්බ තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩු විභාගයකදී ඔහුට ජීවිතාන්තය දක්වාම සිරදඩුවම් නියම විණි.

ආනන්දන් සුදාකරන් බන්ධනාගාර ගතවී සිටින අවස්ථාවේදී ඔහුගේ බිරිද පිළිකාවක් වැළදී මරුමුවට පත් වූ අතර ඇයගේ ආදාහනයට බන්ධනාගාරයේ සිට සුදාකරන්ව කිළිනොච්චියට රැගෙන එන ලද අවස්ථාවේදී කුඩා දියණිය හඩා වැළපෙමින් පියා සමග තමන්ටත් යාමට අවශ්‍ය බව කියමින් බන්ධනාගාර බස් රථයට නැගීම නිසා මහත් සංවේදී තත්ත්වයක් ඒ අවස්ථාවේදී ඇති විය.

දරුවන් දෙදෙනාට මවත් පියාත් යන දෙදෙනාම නොමැති නිසා කිළිනොච්චියේ ස්වේච්ඡා සංවිධාන එක් වී අත්සන් ලක්ෂයක පෙත්සමක් අත්සන් කරමින් සුදාකරන්ට නිදහස ඉල්ලා සිටියහ.

එම පෙත්සම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හරහාද ප්‍රධාන අමාත්‍යවරයා හරහාද ජනාධිපතිවරයා වෙත යවන ලද අතර ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් කිළිනොච්චියේදී විමසා ඇත්තේ එම පෙත්සම පිළිබදවය.

ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී එම ඉල්ලීම සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් කටයුතු කිරීමට ප්‍රධාන අමාත්‍යවරයාට එකග වූ බව ප්‍රධාන අමාත්‍ය කාර්යාලය පසුගිය 19 වන දා උතුරේ මාධ්‍ය ආයතන වලට පවසා තිබුණි.

දිනසේන රතුගමගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන් නිදහස් කරන්න ජනපති මෛත්‍රීගෙන් විග්නේස්වරන්ට පොරොන්දුවක්
එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන් නිදහස් කරන්න ජනපති මෛත්‍රීගෙන් විග්නේස්වරන්ට පොරොන්දුවක්
http://am.lk/media/k2/items/cache/3bf22e7ea8555aa8fd1288f089c918b0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_724.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_724.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy