දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති ඩී. එල්...
දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවත්, සේවයට වාර්තා නොකොට තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි 01 දින සිට ජුනි 11 දක්වා පමණක් වැටුප් ගණනය සිදු කෙරෙන බවත් තැපැල්පතිවරයා විසින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
COMMENTS