කි ලිනොච්චිය පරන්තන් මන්සන්ධියේ අතුරු මාර්ගයක කසල ගොඩක දමා ගොස් තිබූ කාලතුවක්කු උණ්ඩයක් යුද හමුදාවට හමුවීමෙන් පසුව ආරක්ෂිත ස්ථානයකදී පුපුරව...
කිලිනොච්චිය පරන්තන් මන්සන්ධියේ අතුරු මාර්ගයක කසල ගොඩක දමා ගොස් තිබූ කාලතුවක්කු උණ්ඩයක් යුද හමුදාවට හමුවීමෙන් පසුව ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට පියවර ගනු ලැබීය. පරන්තන් මන්සන්ධියේ 4වන මාර්ගයේ වෙල්යායක් ආසන්නයේ පිහිටි කසල ස්ථානයක මෙම කාලතුවක්කු උණ්ඩය යුද හමුදා සෝදිසි පිරික්ෂාවක් අතරතුරදී හමු වී ඇති අතර එම උණ්ඩය පැරණි තත්වයක පැවතීම නිසාවෙන් යුද හමුදා නිලධාරීන් විසින් ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට පියවර ගනු ලැබීය.
අදාල කාලතුවක්කු උණ්ඩය කිසියම් පුද්ගලයෙකු විසින් පවතින වාතාවරනය අනුව එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට යුද හමුදාව සැක පල කර සිටියි.
මේ අතර කිලිනොච්චිය උරුත්තිරපුරම් ප්‍රදේශයේ පිහිටි පාලමක් ආසන්නයේ දමා තිබූ අත්බෝම්බයක් ඊයේ (01) දින හමු වී එය ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය.
උරුත්තිරපුරම් ගම්වාසියෙකු විසින් අදාල ස්ථානයේ අත්බෝම්බයක් දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට පොලීසිය හා යුද හමුදාව පැමිණ අදාල අත්බෝම්බය රැගෙන ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට කටයුතු යොදන ලදි.
අදාල අත්බෝම්බය එම ස්ථානයට දැමූ පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය පරික්ෂණ සිදු කරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS