එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම ආණ්ඩුවෙන් ඉවත්වූ තම මන්ත්‍රී කණ්ඩායමේ අරමුණ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිප...
එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම ආණ්ඩුවෙන් ඉවත්වූ තම මන්ත්‍රී කණ්ඩායමේ අරමුණ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට ඡන්දෙ ලබා දුන්නේ අගමැති ප්‍රමුඛ රජයට විරුද්ධව බවත් කිසි විටෙකත් බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් තමා පිරිසිදුයි කියා අගමැතිවරයාට හෘද සාක්ෂියට එකඟව කිව නොහැකි බව ද තිලංග සුමතිපාල මහතා මෙහිදි පැවසීය.
පැහැදිලි ලෙසම එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කිරීමේ ජයග්‍රාහී මාර්ගයට ගෙන යෑමට සියලු දෙනාගේ ශක්තිය අවශ්‍ය බව ද තිලංග සුමතිපාල මහතා කියා සිටියේය.
මේ රටේ දුක් විඳිමින් සිටින ජනතාවගෙන් ආණ්ඩුව ඈතට යන විටත් බලා සිටිය යුතු නොවන බව ද ඔහු මෙහිදී පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපි ජන්දේ දුන්නේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් යුත් රජයට විරුද්ධව. බැඳුම්කරයේදී ඇති වෙච්ච දේදී මම හිතන්නේ නැහැ හෘද සාක්ෂියට එකඟව රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්න පුළුවන් මගේ අත පිරිසිදුයි, මට සත 5ක්වත් මේ ගැන අවබෝධයක් නැහැ ආවද ගියාද කියලා?, කවුද ගත්තේ කියලා දන්නේ නැහැ, කියලා කියන්න පුළුවන් කියලා එයා හිතනවා නම් මම හිතන්නේ නැහැ. එතුමාට එක්කෝ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා හරි, දන්තධාතූන් බැහැ දැකලා හරි එතුමාට ඕනේ නම් බයිබලයට අත තියලා හරි කමක් නැහැ කියන්න පුළුවන් නම් හෘද සාක්ෂියට එකඟව මේ ගැන මම දන්නේ නැහැ හොරකමක් වුණත්, අර්ජුන මහේන්ද්‍රන් මොනවා කලාද මම දන්නේ නැහැ. මලික් සල්ලි ගත්තද දන්නේ නැහැ. ඒක නිසා අපට ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමේ ජයග්‍රාහී මාවතට ගෙනියන්න නම් සියලුදෙනාගේ ශක්තිය අවශ්‍යයි.”
COMMENTS