ත්‍රීවිල් රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග...
ත්‍රීවිල් රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඒ සඳහා වූ පරීක්ෂණය මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසූවේ අද(19) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පත්වීම් ලැබූ ඉංජිනේරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“පහුගිය කාලේ අපිට පෙට්‍රල්, ඩීසල් සහ ලාම්පු තෙල්වල මිල වැඩි කරන්න සිදු වුණා. මමත් ආණ්ඩුවත් එය සිදු කළේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් ගැටළු ප්‍රශ්න විසඳා ගැනීමට ඇතැම් විට අපිට අකමැති දේවල් කරන්නත් සිදු වෙනවා. එයින් මහජනතාවට සිදුවන පීඩාව ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. නමුත් අපි දැන් අලුත් විදියට සිතමින් වෙනත් ක්‍රමවලින් මහජනතාවට සහනයක් ලබා දෙන්නේ කෙසේද යන්න ගැන මේ වන විට සොයා බලමින් සිටිනවා.
ඒ අනුව ආර්ථික සහනයක් ලබා දිය හැකි සේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට අපි මේ වන විට අත්හදා බලමින් සිටිනවා. එය බෙහෝ විට සාර්ථක වනු ඇතැයිද අපි විශ්වාස කරනවා.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS