ත්රි කුණාමලයේ සිට කොළඹ දක්වා වූ අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් කිසිදු අනුමැතියක් නැතිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්ත...
ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා වූ අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් කිසිදු අනුමැතියක් නැතිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්තනෝමතික ලෙස ඇමරිකාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බව ජාතික සමගිය වේගය කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
මෙම ඉඩම් ප්‍රමාණය ලබා දෙන්නේ අක්කරයකට රුපියල් 24ක මාසික කුලියට බවද ඒ මහතා සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම බිම් තීරුව ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා කිලෝ මීටර් දෙසීයක් දිගට සරල රේඛාවක් ආකාරයට පිහිටන බවත් ඉඩම් අක්කර ලක්ෂ විසි දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඊට අයිති වන බවත් ඔහු සඳහන් කළේය.
මෙම ඉඩම් ප්‍රමාණයක් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ නැමැති සමාගමකට විකිණීමට සැරසෙන්නේ දැවැන්ත ඇමරිකානු ආයෝජන කලාපයක් යැයි කියමින් බවද ඔහු සඳහන් කළේය.
මෙම බිම් තීරුවෙන් මෙරට උතුර සහ දකුණ වෙන්වන අතර එම කලාපය තුළ බල පැවැත්වෙන්නේ ඇමරිකානු නීතිය සහ ඇමරිකානු ආධිපත්‍යය පමණක් බවද මෙම කලාපය තුල සිදුවන කිසිදු කටයුත්තකට හෝ අපරාධයකට ශ්‍රී ලංකාවේ පොලිසියට හෝ අධිකරණයට මැදිහත් වීමේ හැකියාවක් නැති බවද ඔහු කියා සිටියේය.
මෙම කටයුත්ත සඳහා ජනතා අනුමැතිය හෝ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර නැති බවද ඔහු සඳහන් කළේය.
මෙරට ජාතික ආරක්ෂාව ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය ද මෙමගින් බරපතළ අවදානමකට ලක්වන බවද වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS