දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝල්ෆේස් විරෝධතාකරුවන් දඩයම් කිරීම පොලිසියෙන් මෙහෙයුම්!
Homeප්‍රවෘත්ති

ගෝල්ෆේස් විරෝධතාකරුවන් දඩයම් කිරීම පොලිසියෙන් මෙහෙයුම්!

PropellerAds

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උ...

ජනපති විදෙස් සංචාරවල යෙදෙන්නෙ රට හුදකලා වීම වළක්වන්න… ජනපති රට යන හේතුව විදේශ කටයුතු රාජ්‍ය ඇමති රටට තේරුම් කර දෙයි !
බරපතල ප‍්‍රතිවිපාකවලට සැරසෙන්න.. මද්දුම බණ්ඩාර, හර්ෂ, එරාන්, කබීර් මා සමගයි..- ෆොන්සේකා SJB මෙහෙයුම් අරඹයි (VIDEO)
‘කෙහෙලිය ගෝගම’ පිහිටුවයි.. ඇසුරු සැණින් අතුරුදහන්.. ගම්වාසීන් අත්අඩංගුවට!
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු!

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා වත්මන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවල නිරත ක්‍රියාකාරීන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හා බියවැද්දීමට පොලිසිය ක්‍රියා කළ අවස්ථා දෙකක් පිළිබඳව අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අදහස් පළ කිරීමේ නිදහසට එරෙහි අනීතික ක්‍රියාකාරකම්වලින් වළකින ලෙස පොලිස්පතිවරයාටත් රජයටත් දැඩිව අවධාරණය කරයි.

ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ජන විරෝධතාව මෙහෙයවමින් සිටින ජාතික සමාජ සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහ මහතාට මැයි 02 වෙනිදා  දුරකතනයෙන් අමතා බියවද්දා ඇති කන්තලේ වාන්ඇල පොලිසියේ නිලධාරියෙක් “තමුසෙද මහලොකු මානව හිමිකම් කාරයා? අපේ ඕ අයි සී මහත්තයත් තමුසෙට බයේ ඉන්නේ. අපි තමුසෙ ගැන බලාගන්න ගෙදරට එන්නම්” යැයි පවසා ඇති අතර, අද (මැයි 03) ඔහුගේ නිවෙස අසල කන්තලේ වාන්ඇල පොලීසියේ ජීප් රථයක් නවතා, සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් ඔහු ආවේක්ෂණය කර තිබේ. මේ වන විට සුරංග රූපසිංහ මහතාගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇත.

මේ අතර, ගෝල්ෆේස් විරෝධතා ව්‍යාපාරයට සහභාගී වී ආණ්ඩුවට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පළ කළේ යැයි ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයන් දෙදෙනෙකු යක්කල පොලිසිය මගින්  (02) අත්අඩංගුවට ගෙන පහර දී තිබේ. එම තරුණයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත දැනුම් දී තිබෙන ආකාරයට, මෙම තරුණයන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට පොලිසිය මෙතෙක් අපොසත් වී ඇත.

ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවක නිවසට ගිය පොලිස් නිලධාරීන් ඔවුන්ගේ මෝටර් සයිකලය නීති විරෝධී ලෙස රැගෙන ගොස් ඇති අතර එය ලබාගැනීමට ගිය අවස්ථාවේ එම තරුණයන් අත්අඩංගුවට ගෙන තිබේ. “තමුසෙලා ගෝල්ෆේස් ගිහින් ආණ්ඩුවට විරුද්ධව වොයිස් කට් දුන්නා නේද?” යනුවෙන් විමසමින් අපරාධ අංශයේ ප්‍රධාන නිලධාරියා තමන්ට පහර දුන් බව එම තරුණයන් පවසා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන විරෝධතා දැක්වීමට ඇති මහජන අයිතිය උල්ලංඝනය කිරීමට පොලීසියට බලයක් නොමැති අතර මෙම සිදුවීම් ඉතා බැරෑරුම් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒවා වාර්තා කිරීමට මෙන්ම නීතිඥ ප්‍රජාව හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයින් හා එක්ව අවශ්‍ය පියවර ගැනීමටද නිරන්තරයෙන් සූදානම්ව සිටී.

මෙවැනි සිදුවීම් පිළිබඳව තොරතුරු දැනුම් දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මහජනයාගෙන්ද ඉල්ලා සිටී.

– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝල්ෆේස් විරෝධතාකරුවන් දඩයම් කිරීම පොලිසියෙන් මෙහෙයුම්!
ගෝල්ෆේස් විරෝධතාකරුවන් දඩයම් කිරීම පොලිසියෙන් මෙහෙයුම්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqWovi5s6bzmSeSxGJZZt8iObVwvffxOLTS2JUDmaGaC5P3Q5tC6ME7-K6UPhmo1OqD_VhIis4_Whg6SCeQw87h5q8IVB2eSdlOy20y6OEFCnIegsd9x0KHEJLwyBMoKvGP7LR50zw6rpBbllbkXpUaPQLyV6YpHkh3W-AuKFEb36FiZuWKNsXE45UAw/s320/GOTA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqWovi5s6bzmSeSxGJZZt8iObVwvffxOLTS2JUDmaGaC5P3Q5tC6ME7-K6UPhmo1OqD_VhIis4_Whg6SCeQw87h5q8IVB2eSdlOy20y6OEFCnIegsd9x0KHEJLwyBMoKvGP7LR50zw6rpBbllbkXpUaPQLyV6YpHkh3W-AuKFEb36FiZuWKNsXE45UAw/s72-c/GOTA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy