කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ (29) සවස ඇතිවු ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් නම දෙනෙකු තුවාල ලබා දේපල හානිද රැසක් ඇති බව...
කිලිනොච්චිය පොලීසිය පැවසුවේ කිලිනොච්චිය සෙල්වනගර් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් එය ආරවුලක් දක්වා වැඩි වී මෙම ගැටුම හටගෙන ඇති බවටයි.
අදාල ගැටුමින් කාන්තාවන් හය දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවසක් හා යතුරුපැදියකටද ගිනි තබා නිවසක දේපළ වෙතද හානි සිදු කොට ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.
ප්‍රදේශවාසීන් පැවසුවේ ගැටුමින් තුවාල ලැබු පිරිස කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර ගැටුමට සමබන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සමබන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS