පු රප්පාඩුව පවතින බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සදහා හිටපු කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව ජනාධිපති කාර්යා...
පුරප්පාඩුව පවතින බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සදහා හිටපු කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මුසම්මිල් මහතා කලක් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ අතර ඉන්පසු මැලේසියාවේ මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය.
දැනට ඔහු කටයුතු කරන්නෙ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙසයි.
මීට අමතරව පුරප්පාඩු පවතින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කිරීමට ද යෝජනා වී ඇත.
ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ටික කාලයක් වැඩ බැලීමේ කටයුතු කළ අතර දැනට ජනාධිපතිවරයාගේ උපදේශකයකු ලෙස කටයුතු කරයි.

COMMENTS