පා ස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හසීම් හා ජාතික තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතාවයක් පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී ද...
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හසීම් හා ජාතික තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතාවයක් පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත සංවර්ධන සහකාරවරයකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදී අද (24) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව මෙම සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මෙම සැකකරුවන් විසින් මෙරට සහරාන් හෂිම්ව හොරොව්පොතාන, කැබිතිගොල්ලෑව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්ට කැඳවා අන්තවාදී දේශනා සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවට පොලිසිය සදහන් කර සිටියි. එමෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ දැනට විදේශගතව සිටින ප්‍රධාන සැකකරුවකු සමඟ ද මෙම සැකකරුවන් පිරිස සමීප සබඳකම් පවත්වා ඇති බවටද පොලිසිය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර අරාබි පාසල් ගුරුවරයෙක් ද සිටින අතර සැකකරුවන් හෙට (25) දින කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීමට නියමිතයි.

COMMENTS