දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප‍්‍රහාරයේ වගකීම රජය භාරගෙන ජාතියෙන් සමාව ඉල්ලා අගමැති ඉල්ලා අස්විය යුතුයි - රතන හිමි
Homeප්‍රවෘත්ති

ප‍්‍රහාරයේ වගකීම රජය භාරගෙන ජාතියෙන් සමාව ඉල්ලා අගමැති ඉල්ලා අස්විය යුතුයි - රතන හිමි

PropellerAds

පා ස්කු ප‍්‍රහාරයේ වගකීම රජය භාරගෙන සිදුවූ වරදට ජාතියෙන් සමාව ඉල්ලා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත‍්‍රී අතු...

තංගල්ල නගරයට අත්‍යවශ්‍ය දෙයකට හැර එන්න එපා..කොරෝනා ආසාදිතක් නගරයේ ඇවිදලා – අධිවේගී මාර්ගයේ ඇවිත්
ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියා කිසිදු උසාවියකින් ඔප්පු වී නෑ - ජවිපෙ
සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක් - ජාසිංහ
පාස්කු ප‍්‍රහාරයේ වගකීම රජය භාරගෙන සිදුවූ වරදට ජාතියෙන් සමාව ඉල්ලා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත‍්‍රී අතුරලියේ රතන හිමිගෙන් ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවසූහ. මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ නොදන්නා බව කීමට ජනාධිපතිට නොහැකි බවද වහා ජනාධිපතිවරණයක් කැඳවා අලූත් ජනාධිපතිවරයකු පත්කිරීමට මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉඩ සැලැස්විය යුතු බවද රතන හිමියෝ කීහ.
වත්මන් ජනාධිපතිවරයා පත්කිරීමට කළ කැප කිරීම පිළිබඳ තමන් අතිශයින් කණගාටුවන බවද උන්වහන්සේ කීහ.

රතන හිමියෝ මෙසේද කීහ.

මෑත කාලයේ අප මුහුණදුන් බරපතළම ඛේදවාචකය තමයි පසුගිය ඉරිදා සිදුවූයේ. විදේශිකයන් පවා මේ වියරු ත‍්‍රස්තවාදයට ගොදුරු වුණා. තායිලන්තයේ භාවනා පුහුණුවකට ගොස් සිටි මා මෙය දැනගත් සැණින් යළි පැමිණියා.

එල්.ටී.ටී.ඊ. ය අපේ ජනතාවට, ආගමික සිද්ධස්ථානවලට පහර දෙද්දී අපි දමිළ ජනතාවට හෝ හින්දු කෝවිල්වලට පහර දුන්නේ නෑ. අවුරුදු තිහක යුද්ධයේ විනාශය අපි දන්නවා. ඉන් අප ලද දෙයක් නෑ. එදා ත‍්‍රස්තවාදය අතිවුණේ ඉන්දියාව ඇතුළු අන්තර්ජාතික දේශපාලන බලපෑම් මතයි. නමුත් එය සම්පූර්ණයෙන්ම පැරදවීමට අපට හැකිවුණා.

අවාසනාවකට මේ ආණ්ඩුව පත්වූ පසුව රණවිරුවන් පාවාදෙන තත්ත්වයක් අතිවුණා. රනිල් වික‍්‍රමසිංහ මහතා 2001 අගමැතිව සිටියදී ආරක්ෂක ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු බුද්ධි අංශ සාමාජිකයන් 160 කගේ නම් එල්.ටී.ටී.ඊ. යට ලබා දුන්නා.

අදත් ජාතිය බරපතළ ව්‍යසනයකට මුහුණදී තිබෙනවා. මේ ආණ්ඩුව යටතේත් බුද්ධි අංශ නිලධාරීන් 20 ක් අත්අඩංගුවට ගත්තා. පොලිසියේ යම් යම් නිලධාරීන් හරහා බුද්ධි අංශ තොරතුරු පිටතට දුන්නා. රටට ආ පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු කළ නාවික හමුදාවේ ඞී.කේ.පී. දසනායකව අත්අඩංගුවට ගත්තා. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාත් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරනවා.

එදා බුද්ධි අංශය පාවා දුන් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාට ජනාධිපති ලේකම් ධුරය පසුගියදා ලබා දුන්නා.

මුස්ලිම් ඡන්දවලට බියේ මේ ආණ්ඩුව අන්තවාදය අතගෑවා. අද වහාබ් විශ්වවිiාලය පවා බිහිවෙලා. රටට මුස්ලිම් අන්තවාදී විදුහල් අවශ්‍ය නෑ.

වනාතවිල්ලූව ගොවිපළක තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100 ක් හමුවුණේ ජනවාරි මාසයේ. අපි එදත් මුස්ලිම් අන්තවාදය ගැන කතා කළා. මරාගෙන මැරෙන අය අසූහත්දෙනෙක් සිටින බව බුද්ධි අංශ වාර්තා කර තිබෙනවා. එය නිසි ලෙස මර්දනය කළොත් ගැටලූ ඇති වන්නේ නෑ.

මුස්ලිම් කාන්තාවන් මුහුණ වසාගෙන කලූ ගෝනි ඇඳීම නතර කළ යුතුයි. එය වහාබ් වාදයේ අන්තවාදයක්. මෙවැනි අන්තවාදයන් පැරදවිය යුතුයි. ආණ්ඩුවේ වරද පෙන්වා දිය යුතුයි. අගමැතිතුමා මේ ගැන පාපොච්චාරණයක් කර ඉල්ලා අස්විය යුතුයි. ජනාධිපතිත් මේ ගැන නොදන්නා බව කියන්න බෑ.

මේ අන්තවාදීන් අයි.එස්.අයි.එස්. සමග සම්බන්ධ බව කියනවා. ආත්ම ඝාතක ත‍්‍රස්තවාදීන් බිහි කරන්න ආ අය රට පුරා දේශන පවත්වමින් අපේ මුස්ලිම් ජනතාවගේ හැඟීම් වෙනස් කරනවා. මෙයින් ගැලවෙන ලෙස අප මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් කලූ කබා හැඳ සිංහල ජනතාවගෙන් ඈත්විය යුතු නෑ. ජාතිවාදී දේශපාලකයන් කිහිප දෙනකුට මේවා හැසිරවීමට ඉඩ නොදිය යුතුයි.

මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ වරද පිළිගනිමින් මා ජාතික අරගලයක් වෙනුවෙන් ඉදිරියේ දී සහාය ලබා දෙනවා. රටට නව ජනාධිපතිවරයෙක් අවශ්‍යයි. තවත් ජීවිත බිලිවන තුරු බලා නොසිට පොලිස්පතිට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා බලපෑම් කළ යුතුයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප‍්‍රහාරයේ වගකීම රජය භාරගෙන ජාතියෙන් සමාව ඉල්ලා අගමැති ඉල්ලා අස්විය යුතුයි - රතන හිමි
ප‍්‍රහාරයේ වගකීම රජය භාරගෙන ජාතියෙන් සමාව ඉල්ලා අගමැති ඉල්ලා අස්විය යුතුයි - රතන හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKDRinS7tjwrYMFNry_2Zi2RrsFRvzp-gclnoVZdT-TWnObxGoMJWlOcmwg6bZK-uJbyGjiuKj1kWq4zibnJcFhxVD1JcaxpmGHsLNbJDDXwR_CkGX-rLBz9uYUnG0LiO4-pazn1DBp10V/s320/rathana-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKDRinS7tjwrYMFNry_2Zi2RrsFRvzp-gclnoVZdT-TWnObxGoMJWlOcmwg6bZK-uJbyGjiuKj1kWq4zibnJcFhxVD1JcaxpmGHsLNbJDDXwR_CkGX-rLBz9uYUnG0LiO4-pazn1DBp10V/s72-c/rathana-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_966.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_966.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy