දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තංගල්ල නගරයට අත්‍යවශ්‍ය දෙයකට හැර එන්න එපා..කොරෝනා ආසාදිතක් නගරයේ ඇවිදලා – අධිවේගී මාර්ගයේ ඇවිත්
Homeප්‍රවෘත්ති

තංගල්ල නගරයට අත්‍යවශ්‍ය දෙයකට හැර එන්න එපා..කොරෝනා ආසාදිතක් නගරයේ ඇවිදලා – අධිවේගී මාර්ගයේ ඇවිත්

PropellerAds

තංගල්ල, පට්ටියපොල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට නිවාඩු ගොස් සිට යලි කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයෙකු හට නව කොර...

21 නිසා පොහොට්ටුව දෙකඩ වීමේ අවදානමක්?
අවුරුදු 2කට ඇතුළට ගිය විමල්ගේ බිරිය ඇප ඉල්ලයි! ඇප දෙනවද නැද්ද? තීන්දුව සඳුදා!
ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි?
තංගල්ල, පට්ටියපොල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට නිවාඩු ගොස් සිට යලි කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තංගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර ප්‍රකාශ කර සිටිනවා.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයා පසුගිය ජුලි මස 05 වෙනිදා නිවාඩු ලබා කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූ පුද්ගලයින් පුනුරුත්ථාපන කිරිමේ මධ්‍යස්ථානයේ සිට බස් රථයකින් කොළඹට පැමිණ ඇති අතර පසුව ඔහු එතැන් සිට අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථයකින් මාතරට පැමිණ තිබෙනවා.

මාතර නගරයට පැමිණි එම ආරක්ෂක අංශ සාමාජිකයා කතරගම බලා යන බස් රථයකින් තංගල්ල, පට්ටිපොළ ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ තිබෙනවා.

ජුලි 06 සහ 07 යන දිනයන් හිදී මෙම ආරක්ෂක අංශ සාමාජිකයා සිය නිවසේම කල් ගත කොට ඇති අතර එම කාලයේදී අසල්වැසි නිවාස කිහිපයක පුද්ගලයින් ඇසුරු කිරිම හේතුවෙන් නිවස 09ක ජිවත් වන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියා.

ඊට අමතරව එම ආරක්ෂක අංශ සාමාජිකයාගේ පවුලේ සාමාජිකයින් 06 දෙනෙකු යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට රැගෙන ගොස් තිබෙනවා.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයා පසුගිය ජුලි 08 වෙනිදා තංගල්ල ධිවර වරායට පැමිණ ඇති අතර 09 වෙනිදා එහි පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රය මගින් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

පසුව ඔහු තංගල්ල නගරයේ පිහිටි සුපිරි වෙළදසැලකින් නිවසට අවශ්‍ය භාණ්ඩ මිලට ගෙන ඇති අතර නගරයේ වෙළදසැල් කිහිපයකටම සහ රාජ්‍ය ඔසු සැලටද ගොස් ඇත. පසුව මෙම ආරක්ෂක අංශ සාමාජිකයා තංගල්ල බස් නැවතුම්පොළේ උඩු මහලට ඇතුල්වන ස්ථානයේ පිහිටි සැලුනයකින් කොණ්ඩය ද කපා තිබෙන බවට හෙළිවී තිබෙනවා.

පසුව යලි නිවසට පැමිණි ඔහු එදින සවසම හමුදාවේ මිතුරන් කිහිපදෙනෙකු සමග යතුරු පැදි වලින් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට ගොස් ඇත.

එලෙස ජුලි 09 වෙනිදා යලි මධ්‍යස්ථානයට යාමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වී ඇත්තේ.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයා තංගල්ල නගරයේ ස්ථාන රැසක සංචරණය කොට ඇති බැවින් ඔහුගේ ආශ්‍රිතයින් සොයමින් සිටින බවත් මේ හේතුවෙන් ජනතාව අත්‍යාවශ්‍ය කරුණකට හැර නගරයට ඒමෙන් වැලකි සිටීම යහපත් කරුණක් බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම මෙම ආරක්ෂක අංශ සාමාජිකයා කොණ්ඩය කැපීම සඳහා ගිය තංගල්ල බස් නැවතුම්පළේ උඩු මහලට ඇතුල්වන ස්ථානයේ පිහිටි සැලුනයෙන් සේවාවන් සපයා ගත් පුද්ගලයින් ගැන ද අවධානය යොමු කොට තිබෙන බව පැවසූ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එලෙස සේවා සපයා ගත් පුද්ගලයින්ට විශේෂ පණිවිඩයක්ද ලබා දෙනු ලැබුවා.

එනම් ජුලි 09 වෙනිදා දහවල් 12.00 පසුව එම සැලුනයෙන් සේවා සපයා ගත් පුද්ගලයින්වේ නම් ඔවුන් තංගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දුරකථන අංක 047-2240278 ඔස්සේ අමතන ලෙස වෛද්‍ය ජගත් ගජධීර දැනුම් දී සිටිනවා


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තංගල්ල නගරයට අත්‍යවශ්‍ය දෙයකට හැර එන්න එපා..කොරෝනා ආසාදිතක් නගරයේ ඇවිදලා – අධිවේගී මාර්ගයේ ඇවිත්
තංගල්ල නගරයට අත්‍යවශ්‍ය දෙයකට හැර එන්න එපා..කොරෝනා ආසාදිතක් නගරයේ ඇවිදලා – අධිවේගී මාර්ගයේ ඇවිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh34ot8EqnI5nCGWS4A13zuE_ZasFqjzqKPE_RVR-o5y2wv6Dq16kkjsByQQ-AAFNHk3CYZIV_PtExNUH_p2uRD1m_JQY6w-YxVsE17y0HWEL-KhyphenhyphenvtFMMxJEy6sxzSWgWJidTLQL2Wuws/s320/SLTB-bus-highway1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh34ot8EqnI5nCGWS4A13zuE_ZasFqjzqKPE_RVR-o5y2wv6Dq16kkjsByQQ-AAFNHk3CYZIV_PtExNUH_p2uRD1m_JQY6w-YxVsE17y0HWEL-KhyphenhyphenvtFMMxJEy6sxzSWgWJidTLQL2Wuws/s72-c/SLTB-bus-highway1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_613.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_613.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy