ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. තෘප්තිමත් කාර...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
තෘප්තිමත් කාර්යක්ෂම සහ සතුටින් මහජන සේවාවේ නිරතවන පොලිස් සේවාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පහල ශ්‍රේණිවල නිලධාරින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක ය.
එම වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී සොයා බැලීය.
පොලිස් නිලධාරින්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, පොලිස් නිලධාරින්ගේ සංයුක්ත දීමනාව ඉහළ නැංවීම, පොලිස් ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම යනාදී කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ පොලිස් නිලධාරින්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත්, සෑම පොලිස් නිලධාරියෙක්ම පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කිරීම අත්‍යාවශ්‍ය බවත්ය.
නාරාහේන්පිට පොලිස් රෝහල පුළුල් කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, ඒ වෙනුවෙන් පොලිස් රෝහල ඉදිරිපිට ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම මුදල් ගෙවා පොලිස් දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එමෙන් ම පොලිතින් භාවිතය නියමානුකූල කිරීම පිණිස පොලීසියට බලතල නොමැති බැවින් ජාතික පරිසර පනතට අදාළ රෙගුලාසි සංශෝධනය කඩිනමින් සිදු කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දෙන ලදී.
හෙරෝයින් භාවිත කරන්නන් සහ ඊට ඇබ්බැහිවූවන් පිළිබඳ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස් අත්ඩඅංගුවට පත් හෙරෝයින් භාවිත කරන්නන් පිළිබඳ දත්ත ඇසුරෙන් සිදුකරන ලද සමීක්ෂණය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.
COMMENTS