දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා පැහැර ගන්නයි යන්නේ! ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 2කට එරෙහිව විමල්-උදය අලුත් සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයට! VIDEO
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා පැහැර ගන්නයි යන්නේ! ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 2කට එරෙහිව විමල්-උදය අලුත් සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයට! VIDEO

PropellerAds

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව...

මෛත්‍රීගේ සිහිනයක් අද සැබෑවෙයි
හිරගෙවල් 7ක දැම්මත් විමල්ගේ කට වහන්න බෑ (VIDEO)
ඩ්‍රෝන යානා ගැන රජයෙන් විශේෂ නිවේදනයක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා  සර්වජන බලය සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

සර්වජන බලය සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන සහ ව්‍යවසායක දිලිත් ජයවීර, වෛද්‍ය ජීවීරසිංහ සහ නිමල් රණවක ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන්නේ යෝජිත පනත් කෙටුම්පත් තුළින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් කිරීමට කටයුතු කර ඇති බවය.

මේ තුළින් පාර්ලිමේන්තුව සතු බලය කප්පාදු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ. 

මේ හේතුවෙන් යෝජිත පනත් කෙටුම්පත්වල අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර ඇති බව සඳහන් වෙයි.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර අදාල පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් විසින් ද පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි.

-mawratanews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා පැහැර ගන්නයි යන්නේ! ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 2කට එරෙහිව විමල්-උදය අලුත් සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයට! VIDEO
පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා පැහැර ගන්නයි යන්නේ! ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 2කට එරෙහිව විමල්-උදය අලුත් සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයට! VIDEO
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEho6tCDXa0ZvgpaQTldoEXCACmEl-Lr2uwCjAW14p7ugQAhNGdFPACKpTdQSwjwOdgukYjWhBsAU8Di0tREmcjCMGWQVsUE6-Gi9IX1_TjtAz5PuLY-WdxHwyoeRrZJIuccMw_93hovFWylbHNurysmYEp7KOxwpbwVgJOwjKih-QUoEclE0VeFVm5Z0F1x/s320/WIMAL-WEERAWANSHA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEho6tCDXa0ZvgpaQTldoEXCACmEl-Lr2uwCjAW14p7ugQAhNGdFPACKpTdQSwjwOdgukYjWhBsAU8Di0tREmcjCMGWQVsUE6-Gi9IX1_TjtAz5PuLY-WdxHwyoeRrZJIuccMw_93hovFWylbHNurysmYEp7KOxwpbwVgJOwjKih-QUoEclE0VeFVm5Z0F1x/s72-c/WIMAL-WEERAWANSHA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/06/2-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/06/2-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy