ඉ කුත් 21 වැනි පාස්කු ඉරිදා දේවස්ථාන හා සංචාරක හෝටල් කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් අනතුරුව පොලිස් ඇඳිරිනීතියෙන් පසුව විවෘත වෙළෙඳපොළේ ...
ඉකුත් 21 වැනි පාස්කු ඉරිදා දේවස්ථාන හා සංචාරක හෝටල් කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් අනතුරුව පොලිස් ඇඳිරිනීතියෙන් පසුව විවෘත වෙළෙඳපොළේ අල, ලොකු ලූනු, රතු ලූනු, සුදු ලූනු, පරිප්පු, කඩල, මුංඇට ඇතුළු අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍ය මෙන්ම එළවළු, අලුත් මාළු ඇතුළු ආහාර ද්‍රව්‍යයද ශීඝ්‍රයෙන් මිල ඉහළ ගොස් තිබෙනවා.
මෙවර විශේෂත්වය වී ඇත්තේ මෙතෙක් ඒ ඒ ද්‍රව්‍ය සඳහා රුපියල් 5,10 වැනි මුදලකින් එහා මෙහා වන සම්මත මිලක් පැවැතියද, ඒ වෙනුවට වෙළෙඳසල් හිමියෝ හිතුමතයට මිල ගණන් වෙනස් කරමින් අධික මිල ගණන්වලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරමින් පාරිභෝගිකයා ගසාකෑම බව ‘මව්බිම’ කළ විමසුමකදී අනාවරණය විණි.
පොලිස් ඇඳිරිනීතිය හා හදිසි නීතිය උපයෝගි කරගනිමින් වෙළෙඳුන්ට පාරිභෝගිකයන් ගසාකෑමට අවස්ථාව ලැබී ඇත්තේ ආනයනික ආහාර තොග වරායේ සිට නිදහස් කර ගැනීමට ඇති බාධාවන් මෙන්ම පොලිස් ඇඳිරිනීතිය හේතුවෙන් එළවළු ගොවීන්ගේ නිෂ්පාදන, ධීවර කර්මාන්තයෙන් අල්ලා ගන්නා මත්ස්‍ය තොග රාත්‍රි කාලයේ තොග වෙළෙඳපොළ කරා ප්‍රවාහනය කිරීමේදී ඇතිවන බාධා නිසා කොළඹට දිනපතා අලුයම් කාලයේ පැමිණෙන එම නිෂ්පාදන රැගත් ලොරි රථ බෙහෙවින් සීමා වීම නිසා බව මැනිං වෙළෙඳසල් හිමියෝ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ අලෙවිකරුවෝ පවසනවා.
මෙම තත්ත්වය නිසා කොළඹට තදාසන්න කිරිබත්ගොඩ, කඩවත, වත්තල, රාගම, ගම්පහ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව වැනි නගරවල ලොකු ලූනු, අර්තාපල්, පරිප්පු, කඩල, මුංඇට, සුදු ලූනු, කරවල වැනි ආනයනික ආහාර වර්ග අවුරුදු සමයේ පැවැති මිල ගණන්වල වඩා මේ වන විට සියයට 50-70ක් අතර මිලකින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
උදාහරණයක් ලෙස ගතහොත් ගතවූ අවුරුදු සමයේ රුපියල් 225-250ත් අතර මිලකට අලෙවි කළ සුදු ලූනු කිලෝවක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 400ක් වැනි ඉහළ මිලකටය.
අවුරුදු සමයේ රුපියල් 100-150ත් අතර මිලකට අලෙවි වූ උඩරට එළවළුවල මිල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නඟති. ඒ අනුව කැරට්, බෝංචි, ලීක්ස් වැනි උඩරට එළවළු කිලෝවක මිල මේ වන විට රුපියල් 340- රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබේ. පොලිස් ඇඳිරිනීතිය හේතුවෙන් උඩරට එළවළු ගොවීන්ගේ නිෂ්පාදන රාත්‍රි කාලයේ ප්‍රවාහනය කිරීමට ඇති බාධක හා දුෂ්කරතා හේතුවෙන් මෙසේ මිල ඉහළ ගිය බව ඔවුහු පෙන්වා දෙනවා.
මේ අතර කොළඹ නගරයේ ඇතැම් හෝටල් සහ ආහාර අලෙවිසල්වල බත් සහ වෑංජන සමඟ දිවා ආහාර වේලක මිල පසුගිය සතියේ සිට රුපියල් 20-30ත් අතර මුදලකින් ඉහළ නංවා තිබේ. අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ඉකුත් 22දා කොළඹ නගරයේ හෝටල් සහ ආහාර අලෙවිසල් විවෘත කිරීමට නියමිතව තිබුණද උද්ගත වූ හදිසි තත්ත්වය හේතුවෙන් ඊයේ (28දා) වන විටත් ඒවා විවෘත කර නොතිබිණි.
උපතිස්ස පෙරේරා

COMMENTS