ජා තිවාදය ත‍්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා අද (10) ත‍්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර ක...
ජාතිවාදය ත‍්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා අද (10) ත‍්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක දියත් කල හර්තාලයක් හේතුවෙන් දෛනික ජන ජිවිතයට බාධා පැමිණිනි.
ත‍්‍රිකුණාමලය නගරය කන්තලේ සේරුනුවර හා තඹලගමුව යන උප නගර තුග ඛඩ සාප්පු වසා දමා තිබු අතර පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබුණි.
ලංගම බස් රථ පමණක් ධාවනයේ යෙදුණු අතර ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වු අංගම ඩිපෝවට අයත් බස් රථයකට එල්ලවු ගල් ප‍්‍රහාරයකින් එහි ඉදිරි පස විදුරුවට හානි වි තිබුණි.
ත‍්‍රිකුණාමලය නුවර ප‍්‍රධාන මාර්ගයේ පහේ කණුව ප‍්‍රදේශයේදී මෙම ගල් ප‍්‍රහාරය එල්ලවු අතර රියදුරු බස් රථය මගින් සමග නොනවත්වා ධාවනය කර කප්පල්තුරෙයි පොලිස් මාර්ගය වෙත ගෙන ගොස් තිබුණි.
ත‍්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සංගම හංදියේ සහ නිලාවෙලි මාර්ගයේ තුනේ කණුව මංසංධියේදි මාර්ගය අවහිර කර ටයර් පුලූස්සා තිබු අතර පොලිසිය මැදිහත්ව එම ටයර් ගිනි ගන්නා ටයර් ඉවත් කරනු ලැබිය.
ප‍්‍රදේශයේ පාසල් කිහිපයකටම කිසිදු දරුවෙකු පැමිණ නොසිිටි අතර හමුදාව පොලිසිය හා සිවිල් ආරක්සක බලකා නිලධාරින් පාසල් වල ආරක්සාවට යොදවා ඇති අතර රාජ්‍ය ආයතන හා බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවුවද එහි කාර්ය මණ්ඩල වල පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණි. හර්තාලය හේතුවෙන් දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා ත‍්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබේ.
ත‍්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

COMMENTS