වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සොයා ගැණුුනු වෑන් රථයේ රියදුරැ සිටි පානදුර කෙසෙල්වත්ත, පරත්ත පාර ප‍්‍රදේශයේ ශෙරිෆ් මාවතේ නිවස සම්බන්ධයෙන් තවදුරට...
වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සොයා ගැණුුනු වෑන් රථයේ රියදුරැ සිටි පානදුර කෙසෙල්වත්ත, පරත්ත පාර ප‍්‍රදේශයේ ශෙරිෆ් මාවතේ නිවස සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.
මේ වනවිට සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අදාළ නිවස මාස 03ක කුලී පදනම මත ලබා ගෙන තිබූ බවයි. ඒ, මසකට රුපියල් 40,000ක කුලී පදනම මතයි. අදාළ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය සකස් කිරීමට යොදා ගන්නා යකඩ බෝල සහ බැටරි සොයා ගත් බව නෙත් නිවුස් කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වුණා.
මෙම නිවසේ කාන්තාවක් සහ ළමයෙකු ද සිට ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලයේ සිදුවූ පිපිරීමට සම්බන්ධ සැකකරුවන් කුලී පදනම මත ලබා ගත් වෑන් රථයෙන් පැමිණ ඇත්තේ මෙම නිවසේ සිට බවයි පැවසෙන්නේ. ඔවුන් එලෙස පැමිණ ඇත්තේ පෙරේදා (20) දිනයේ බව ද අනාවරණ වී තිබෙනවා.
COMMENTS