දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගාල්ල, පෝද්දල කුහුඹු ආක්‍රමණයක්
Homeගොසිප්

ගාල්ල, පෝද්දල කුහුඹු ආක්‍රමණයක්

PropellerAds

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුන්දකන්ද රක්‍ෂිතයේ වෙසෙන කුහුඹු විශේෂයක් රක්‍...

ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ශ්‍රීලනිපය හකුළා ගනී.
'පවුල ගොඩඟන්න, මහින්ද රටත් පාවාදෙනවා' - ඇමති සාගල
රාජ්‍ය සේවක මූලික වැටුපට තවත් 2500ක්
ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුන්දකන්ද රක්‍ෂිතයේ වෙසෙන කුහුඹු විශේෂයක් රක්‍ෂිතය අවට ගම්වලට විශාල වශයෙන් පැතිරීම නිසා මහත් ව්‍යසනයක් ඇතිවී ඇතැයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය.
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා පවසන්නේ රක්‍ෂිතයේ ගස්වල සිටි කළු පැහැති
කුඩා කුහුඹු විශේෂයක් මෙසේ අවට නිවාසවලට තර්ජනයක් වන අයුරින් බෝවී පැතිරී යන බවයි.
ගාල්ල ලබුදූව ප්‍රදේශයේ නිවාසවලටත් කුහුඹුවන් පැතිරෙන්නට පටන් ගෙන ඇතැයි තමාට වාර්තා වූ බව ඒ මහතා තවදුරටත් අප සමඟ පැවැසීය. මෙවැනි කුහුඹු විශේෂයක් මීට පෙර තේ ඉඩම්වල සිටි බවට වාර්තා වූ බව ප්‍රාදේශීය ලේකම්වරයා කියයි.
කුහුඹුවන් ගමන් කළ පාරවල් නිවසේ හා ගොඩනැඟිලිවල බිත්ති පුරාම දක්නට ලැබෙන බවත් නිවෙස ඇතුළත මේ කුහුඹුවන් දැකිය හැකි බවත් හෙතෙම පැවැසීය.
මේ සම්බන්ධව හික්කඩුව වනජීවී කාර්යාලයට දැන්වූ විට එහි නිලධාරීන් පැමිණ පරීක්‍ෂා කර ඇති තර කෘමිනාශක වර්ගයක් භාවිත කර සතුන් විනාශ කළ හැකි බවත් ඒ සඳහා වාර්තාවක් සකස් කර තමන් වෙත යොමු කරන බව දැන්වූයේ යැයි ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.
කුරුන්දකන්ද සහ අවට මේ තර්ජනයෙන් පීඩා විදින ප්‍රදේශවාසීන් පවසන්නේ කුමන කෘමි නාශකයක් භාවිත කළද දිනකට දෙකකට වඩා එමඟින් පාලනයක් නොවන බවයි. තම ඇඳුමක් වේළා ගැනීම සඳහා වැලක දමා තැබුවහොත් එම ඇඳුම යළි ප්‍රයෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයට කුහුඹුවන් විසින් සිදුරු කිරීමත් ඔවුන් ගමන් ගන්නා මාර්ගය ඇඳුමේ යළිත් සෝදා ඉවත් කළ නොහැකි ආකාරයට පැල්ලමක් සේ සිටින බවත් නිවෙසේ හාල් ඇතුළු ආහාරයට ගන්නා කිසිම දෙයක් අමතක වීමකින් හෝ වසා නොතැබුවහොත් විනාඩි ගණනාවකින් එය කුහුඹුවන් ගෙන් පිරී පවතින බවයි.
මේ තත්ත්වය නිසා එදිනෙදාට අවශ්‍ය වන ආහාර පමණක් තම නිවෙස්වලට ගෙන ඒමට සිදුවී ඇතැයිද ඔවුහු පවසති.

 (ගාල්ල - එච්. පරණවිතාන)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාල්ල, පෝද්දල කුහුඹු ආක්‍රමණයක්
ගාල්ල, පෝද්දල කුහුඹු ආක්‍රමණයක්
http://ift.tt/2qPrvlL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_660.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_660.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy