දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති රනිල්ගෙන් ප්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

අගමැති රනිල්ගෙන් ප්‍රකාශයක්

PropellerAds

ස්ථාන කිහිපයකින් වාර්තා වූ පිපිරීම් පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය. ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් රජය...

"මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මේක" - නාමල්
අගමැති හිතවත් මන්ත්‍රීවරු පිරිසක් සමග හදිසි සාකච්ඡාවක!
අගමැති හිතවත් මන්ත්‍රීවරු පිරිසක් සමග හදිසි සාකච්ඡාවක!
අගමැති රනිල්ගෙන් ප්‍රකාශයක්

ස්ථාන කිහිපයකින් වාර්තා වූ පිපිරීම් පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය.

ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා 2019.04.21 දින කොළඹ, අරලියගහ මන්දිරයේ දී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස්.

ස්ථාන කිහිපයක අද උදෑසන ඇති වූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදු වූ සියලූ දෙනාටත් රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට කැමතියි. එසේම මේ සිදුවීම රටත්, එමෙන්ම රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙස මා දකිනවා.

විශේෂයෙන්ම ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කොට ගෙන එල්ල වූ මෙම ප්‍රහාර මා තරයේ හෙලා දකිනවා. නීතිය ආරක්‍ෂා කිරීමට අප සියලූ දෙනා කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලූම පියවර ගන්නා ලෙස මා ආරක්‍ෂක ලේකම් වෙතත්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති වෙතත් උපදෙස් ලබා ලබා දුන්නා. මමත්, ඒ වගේම අනෙක් ඇමතිවරුනුත්, ජනාධිපතිතුමා සමග ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කළා. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුලූ නිලධාරීන් සහභාගී වුණා.

දැනට මේ සිදුවීම් ගැන පැවැත්වෙන පොලිස් පරීක්‍ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්නට කැමතියි. ඒ සඳහා අවශ්‍ය බලතල අප ආරක්‍ෂක අංශවලට ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ අප සැවොම මේ ජාතික  අර්බුදකාරී අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කර සාමය ආරක්‍ෂා කරමු.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය     :  මේ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්තරා සංවිධානයක් වගකිව යුතු යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ ගැන කිව හැක්කේ කුමක්ද?

පිළිතුර      :  ඒ පිළිබඳව සියලූ තොරතුරු පොලිසියෙන් විභාග කොට, අනතුරුව දැනුම් දෙන්නම්.  

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති රනිල්ගෙන් ප්‍රකාශයක්
අගමැති රනිල්ගෙන් ප්‍රකාශයක්
http://am.lk/media/k2/items/cache/f3e50e06f8c0606f9a85df66f07ca52d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_389.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_389.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy