දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මේක" - නාමල්
Homeප්‍රවෘත්ති

"මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මේක" - නාමල්

PropellerAds

ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මෙය බවත් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට මුක්කු නොගසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී න...

...සඳ නුඹය...
දිස් ඉස් ද නිවුස් ඇට් ටෙන් - අනුර හෑගොඩ
මධ්‍යම අධිවේගී මාර්ගය කුළුණු මතින්...

ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මෙය බවත් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට මුක්කු නොගසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් පැවසීය.

මුක්කු ගසා ආණ්ඩුව ගෙන යා නොහැකි බවත් ජනවරම ඇත්තේ කොතනදැයි බැලීමට නම් පාර්ලිමේන්තුව විසිරවිය යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා කීවේය.

නාමල් රාජපක්ෂ  මහතා මෙසේ ද කීවේය. 

“මැතිවරණ අල්ලස් මධ්‍යයේ නොයෙක් බාධක මැද පොහොට්ටුවට ඡන්දය දුන් සියලු දෙනාට ස්තුති වෙනවා. ශ්‍රීලනිප ඇමැතිවරයා වංගෙඩියක් දුන්නම, එජාප ඇමැතිවරයා ගිහින් දෙනවා මෝල් ගහක්. ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මෙයයි. ඒත් බඩු බෙදලා ඡන්ද ගන්න බෑ කියලා ජනතාව පෙන්නුවා. මට දැන් ආණ්ඩුවේ විපක්ෂෙ හොයන්න බෑ. ටීඑන්ඒ ඉඳන් වටේම ඉන්නේ එකට. ඔක්කොගෙම ඡන්ද එකතු කරලා කියනවා මහින්දට වඩා ගත්තා කියලා. රාජිත සේනාරත්න කියනවා අපි ආණ්ඩුවක් ගන්න හදනවා කියලා. අපි ආණ්ඩුවට මුක්කු ගහන්න හැදුවේ නෑ. අපි ඒ බව මුලින්ම කිව්වා.”

“මේ ඡන්දයේ සියයට 80ක් දෙනා ඡන්දය දුන්නා. ප්‍රාදේශීය සභා මැතිවරණ ඉතිහාසයේ විපක්ෂය ජයග්‍රහණය කළා. දැන්වත් ජනතාවට තිබෙන ප්‍රශ්න සාකච්ඡා කරයි කියලා අපි හිතුවා. ඡන්ද ප්‍රතිඵලය ආපු ගමන් යූඇන්පී අය කියනවා එජාප නායකයා මරු කරන්න කියලා. ශ්‍රීලනිප සභාපතිකමත් තියාගෙන ශ්‍රීලනිපය කියනවා එජාප නායකයා මරු කරන්න කියලා. එජාපය කියනවා ශ්‍රීලනිප නායකයා මාරු කරන්න කියලා. අපි ආණ්ඩුවට ජැක් ගහන්න ගියේ නෑ. හැබැයි අපි කිව්වා ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න කියලා. කරූ අගමැති කරනවාද එජාප නායකයා කවුද කියලා තීරණය කිරීම ශ්‍රීලනිප නායකයාගේ වැඩක් නෙමෙයි. තිලංග සුමතිපාල මහතා ඊයේ රෑ එකක් කියනවා. උදේ මහින්ද අමරවීර මහතා තව එකක් කියනවා. එජාපෙන් දවල්ට තව එකක් කියනවා. මෙහෙම කොහොම ආණ්ඩුවක් කරගෙන යන්නේ. විපක්ෂ නායකවරයා කියනවා පොහොට්ටුව ජාතිවාදය අවුස්සනවා කියලා. දෙමළ ජාතික සන්ධානය තමයි ජාතිවාදය වැපිරුවේ. ජැක් ගහලා මුක්කු ගහලා ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බෑ. ජනමතය තේරුම් ගන්න. පාර්ලිමේන්තුව විසිරුවන්න. බලමු ජනමතය කොහෙද තියෙන්නේ කියලා” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මේක" - නාමල්
"මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මේක" - නාමල්
http://am.lk/media/k2/items/cache/191f056f552672e190fe99062ed5b7b0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_330.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_330.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy