ප සුගිය ඉරිදා එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සුඛෝපභෝගී සංචාරක හෝටල් තුනක්ම ඉලක්ක වීම නිසා කොළඹ හිල්...
පසුගිය ඉරිදා එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සුඛෝපභෝගී සංචාරක හෝටල් තුනක්ම ඉලක්ක වීම නිසා කොළඹ හිල්ටන් හෝටලයේ කළමනාකාරීත්වය ද තම හෝටල් පරිශ්‍රය සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරන මෙන් ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීමක් කර තිබිණි.
හිල්ටන් හෝටලයේ පරීක්ෂාව
ඒ අනුව, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ පුහුණුව ලත් නිල සුනඛයින් සමඟ පැමිණි ආරක්ෂ අංශ නිලධාරීන් හිල්ටන් හෝටල් පරිශ්‍රය සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කළ අතර පුපුරණ ද්‍රව්‍ය හෝ සැකකටයුතු කිසිවක් එහි තිබී හමුවූයේ නැත.
මෙය හිල්ටන් හෝටලයේ කළමනාකාරීත්වයට මහත් අස්වැසිල්ලක් වූ අතර ඔවුන් ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීම් කර තිබුණේ ජයික් හිල්ටන් හෝටලය ද මෙවැනිම පරීක්ෂාවකට ලක්කර දෙන ලෙසයි.
ජයික් හිල්ටන්හිදී සුනඛයින්ගේ අමුතු හැසිරීම්
එම ඉල්ලීම පරිදි ජයික් හිල්ටන් හෝටලය වෙත ගිය ආරක්ෂක අංශ නිලධාරීන් එහි සෝදිසි කටයුතුවල නිරත වෙද්දී එක් නිවස්න කොටසක දොරටුවක් ඉදිරියේ නැවතුණු නිල සුනඛයින් එතැනින් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් එහිම රැඳී සිටින්නට උත්සාහ දරා තිබේ.
මෙහිදී සුනඛයින්ට මඳ විවේකයක් ලබා දී නැවත ඔවුන් වෙනත් ස්ථානයක් කරා රැගෙන යාමට උත්සාහ දැරුවත් සුනඛයින් එම දොරටුව ආසන්නයේම රැඳී සිටිමින් වෙනස් හැසිරීමක් පෙන්නුම් කර ඇත.
වහාම මෙම තත්වය පිළිබඳව ජයික් හිල්ටන් හෝටලයේ ඉහළම කළමනාකාරීත්වය දැනුවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර අදාළ දොරටුව විවෘත කර, එම නිවස්නයට ඇතුළු වීමට තමන්ට අවශ්‍ය බව දැනුම් දී ඇත.
හෝටල් බලධාරීන්ගේ ශේප් න්‍යාය
කාමර අංකය දැන ගැනීමෙන් අනතුරුව ජයික් හිල්ටන් ඉහළ කළමනාකාරීත්වය ලිස්සා යන අන්දමේ පිළිතුරු ලබාදෙමින් එම නිවස්නයේ ප්‍රශ්නයක් නොමැති බව පවසමින් අනෙකුත් ස්ථාන පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
එම අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් අවධාරණය කර ඇත්තේ ජයික් හිල්ටන් පාලනාධිකාරියට එහි ප්‍රශ්නයක් නොමැති වුවත් තමන්ට මෙය බරපතළ ප්‍රශ්නයක් බැවින් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහි බරපතළ ගැටළුවක් ඇති බැවින් වහාම මෙම දොරටුව විවෘත කරවා දෙන ලෙසයි.
ඊට මඳ වේලාවක් ගතවන බවයි හෝටල් පාලනාධිකාරිය ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත්තේ.
පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ
ඒ අනුව පැය බාගයක් - විනාඩි 45ක් තරම් කාලයකදී කලබලයෙන් මෙන් පැමිණි විදේශිකයින් දෙදෙනෙකු විසින් කාමර දොරටුව විවෘත කර දී ඇත. ඒ මොහොතේ එහි පිවිසුණු නිල සුනඛයින් දෙදෙනා විසින් සොයාගෙන තිබුණේ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ ( Explosive ditectors) දෙකකි.
මේ පිළිබඳව විමසීමේදී විදේශිකයින් දෙදෙනා ආරක්ෂක අංශ වෙත ප්‍රකාශ කර ඇත්තේ ඒවා පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ පමණක් බවත් තමන් ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයින් බවත්ය.
ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ තර්ක
මෙම උපකරණ ආරක්ෂක අංශ භාරයට ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන් දැඩි විරෝධය දක්වමින් තර්ක කර තිබුණේ මේවා ළඟ තබා ගැනීම ප්‍රශ්නයක් නොවන බවටත් තමන් ඒවා ළඟ තබා ගත්තේ තමන්ගේ ආරක්ෂාව සඳහා බවටත්ය.
එහෙත් ඊට පිළිතුරු දෙමින් නිල සුනඛයින්ගේ භාරකරු ප්‍රකාශ කර තිබුණේ බැරෑරුම් කතාවකි. ඔහු පවසා ඇති පරිදි සුනඛයින් මෙම උපකරණ පිළිබඳ සංවේදී වී ඇත්තේ එම උපකරණ කවර මොහොතක හෝ පුපුරණ ද්‍රව්‍යයක් සමඟ ගැටී තිබීම හේතුවෙනි. එසේ නොවන්නේ නම් පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ සොයා ගැනීමට සුනඛයින් සමත් වන්නේ නැත.
එහිදී ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනා අමුතුම පොතක් දමමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතු සුනඛයින්ගේ දක්ෂතාව වර්ණනා කිරීමට පටන් ගෙන ඇති අතර එවන් සුනඛයින් ඇමරිකාවේවත් නොමැති බවක් ද ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් අවසානයේ අදාළ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ සිය භාරයට ගැනීමට ද ආරක්ෂක අංශ නිලධාරීන්ට අවස්ථාවක් ලැබී නොමැති අතර ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සම්පූර්ණ විමර්ශනයම නවතා තිබේ.
බල්ලන් රාජකාරි කළත් මිනිසුන් රාජකාරි පැහැර හැරීම
ඇමරිකානු තානාපති කාර්යාලය මෙම සිදුවීමට මැදිහත් වෙමින් මෙය සම්පූර්ණයෙන් යට ගැසීමේ උත්සාහයක නිරත වන බවයි අප වෙත වාර්තා වූයේ.
එහෙත් විශේෂයෙන් ජයික් හිල්ටන් හෝටලයේ සේවකයින් මෙම සිද්ධිය පිළිබඳ දැඩි බියකින් පසුවන අතර ඔවුන් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් සිටී.
මෙම සිදුවීමේදී පැහැදිලිවම පෙනෙන්නේ සුනඛයින් විසින් තම රාජකාරිය අකුරටම ඉටු කළත් දෙපා සතුන් විසින් ආරක්ෂාව පිළිබඳ යුතුකම, වගකීම පැහැර හැරීම පිළිබඳ ප්‍රශ්නයකි. දෙපා සතුන් විසින් සිය රාජකාරිය බල්ලාට දැමීම පිළිබඳ ප්‍රශ්නයකි.
සියළුම ආරක්ෂක අංශ සෘජුවම ක්‍රියාත්මක වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේය. මෙවැනි බරපතළ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා විමර්ශනයක් සිදු නොකරන්නේ මන්ද යන ප්‍රශ්නය අප හමුවේ ඇත.
-lankanewsweb

COMMENTS