සැප් 14, 2017 06:00 උසට සාපේක්ෂව මහතින් වැඩි අසාමාන්‍ය හැඩයක් ඇති ශාකයකි බයෝ බැබ් ශාකය. දකුණු ආසියාවේම මහතින් වැඩිම බයෝ බැබ...
සැප් 14, 2017 06:00
උසට සාපේක්ෂව මහතින් වැඩි අසාමාන්‍ය හැඩයක් ඇති ශාකයකි බයෝ බැබ් ශාකය. දකුණු ආසියාවේම මහතින් වැඩිම බයෝ බැබ් ශාකය තිබෙන්නේ අපේ රටේ මන්නාරමේ බව දන්නේ බොහොම ටික දෙනයි.
1477 වසරේදී මේ ශාකය අරාබි ජාතික නැවියන් විසින් මේ ස්ථානයේ සිටුවන්නට ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
මෙම ශාකයේ මවුබිම අප්‍රිකා මහද්වීපයයි. අප්‍රිකා බන්ටු ගෝත්‍රිකයන්ගේ “බුහු - බැඩ්” යන බන්ටු වචනයෙන් මිඳී සැකසුණු මේ ගසේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඇඩම්සෝනියා ඩිජිටටා (Adamsonia Digitata) ය. Adams කොටස එක්වී ඇත්තේ එනමින් යුතු ජෛව විද්‍යාඥයාට උපහාර පිණිස වන අතර, Digit යනු ඇඟිලි සඳහා ජර්මන් භාෂාවේ යෙදෙන වචනයකි. සැබැවින් ම ගස දිග හරින ලද ඇඟිලි සහිත අල්ලක් වැනි ය.
මේ ගස බොම්බකාසේ (Bombacacea) ශාක කුලයට අයත් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් මේ ගස හැඳින්වීමට Baobab, Cala Bash, Monkey Bread tree යන නම් භාවිත වේ. Monkey Bread tree ලෙසින් යොදා ඇත්තේ වඳුරන් මේ ගසේ ගෙඩි කෑමට ඉතා ප්‍රියකරන නිසාය.
COMMENTS