පා ස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධියට විවිධ අන්දමට සහය ලබා දී ආරක්ෂාව පතා යාපනයට පලා ආ බවට සැකකරණ පුද්ගලයින් නව දෙනෙකු 23 දා සවස් වන...
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධියට විවිධ අන්දමට සහය ලබා දී ආරක්ෂාව පතා යාපනයට පලා ආ බවට සැකකරණ පුද්ගලයින් නව දෙනෙකු 23 දා සවස් වන විට යාපනයේ විවිධ ප්‍රදේශ වලදී අත් අඩංගුවට ගෙන තිබේ. මුලින්ම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යාපනයේදී පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නා ලද්දේ බෝම්බ පිපිරීමේ දිනයට පසු දිනයේ උදෑසන යාපනය බස් නැවතුම් පලෙනි.
ඔහුව යාපනය පොලීසියට බාර දී කරගෙන යන ප්‍රශ්න කිරීම් වලින් ලැබුණු තොරතුරු මත යාපනයේ විවිධ පළාත් වලින් සැකසහිත පුද්ගලයින් හමු වී තිබේ.
දැනට අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් නව දෙනාම බෝම්බ පිපිරීමේ දිනයට පසු දිනයේ යාපනයට පැමිණි පිරිස් වන අතර ඔවුන් යාපනයට පැමිණීමට හේතුව නිවැරදි ලෙස ප්‍රකාශ කිරීමට ඔවුන් අසමත් වූ බව යාපනයේ ආරක්ෂක අංශ කියා සිටියි.
අත් අඩංගුවට ගත් පිරිස අධිකරණ නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරගෙන යයි.
මේ අතර මන්නාරමේදී අත් අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනාද අධිකරණ නියෝග මත රදවා ගෙන ප්‍රශ්න කරගෙන යයි.
දිනසේන රතුගමගේ

COMMENTS