මෙම වන අලින් තිදෙනා මිට දින කීපයකට පමණ පෙර අම්බලන්තොට වලව ප්‍රදේශයෙන් පට්ටියවරාය ප්‍රදේශයට පැමිණ තිබෙනු ප්‍රදේශයේ ජනතාව දැක තිබු අතර න...
මෙම වන අලින් තිදෙනා මිට දින කීපයකට පමණ පෙර අම්බලන්තොට වලව ප්‍රදේශයෙන් පට්ටියවරාය ප්‍රදේශයට පැමිණ තිබෙනු ප්‍රදේශයේ ජනතාව දැක තිබු අතර නමුත් වන අලින් තිදෙනා රැදී සිටන ප්‍රදේශය සොයා ගැනීමට නොහැකි වූ නිසා වන අලින් එලවීමය නොහැකි වී තිබුණි .
මේ අතර පසුගිය 15 දා හා 16 වනදා රාත්‍රී පට්ටිය වරාය ප්‍රදේශයේ රැදී සිටි වන අලින් තිදෙනා වලවේ ගඟෙන් එතෙර වී අම්බලන්තොට බෙලිගාල ගොඩ ප්‍රදේශයට පිවිස අස්වනු නෙලීමට තිබු ගොයම් වගාවකටද හානි කර තිබෙන දක්නට ලැබුණි .
හම්බන්තොට හා කලමැටිය යන වනජීවී කාර්යාලයන්හි නිලධාරීන් එක්ව අලින් එලව දැමීමේ මෙහෙයුමක් ආරම්භ කල අතර ඒ වන විටත් වන අලින් වැලිපටන්විල ප්‍රදේශය දක්වා ගමන් කර එහි කුඹුරක අස්වනු නෙලා අසුරා තිබූ වී මලු කීපයකටද හානිකර තිබේ.
රාත්‍රිය පුරාවට වනජීවී නිලධාරින් එක්ව වන අලින් තිදෙනා වැලිපටන්විල සිට පට්ටිය වරාය ප්‍රදේශය දක්වා පලව හැරීමට කටයුතු සිදු කෙරුණු අතර පසුගිය 16 වනදාද වන අලින් යලි හම්බන්තොට දක්වා එලවා දැමීමේ මෙහෙයුමක් දියත් කර වන අලින් හම්බන්තොට ප්‍රදේශයට එලවා දැමීමේ මෙහෙයුම දියත් කරන ලදී
මිට පෙර 2015.02.28 දින හම්බන්තොට සිට බෙලිඅත්ත දක්වා ගමන් ගත් අතර 201608.26 දින මදුනාගල ප්‍රදේශයේ සිට පැමිණි වන අලින් දෙදෙනෙකු අම්බලන්තොට නගරයේ ජල පවිත්‍රාගාරය අසලට වන තෙක්ම පැමිණෙන ලදී .
මීට පෙර වන අලින් නොපැමිණි තම ප්‍රදේශයන් තුලට වන අලින් මේ අකාරයෙන් පැමිණීම තුල ඉදිරියේදී තමන් විශාල ගැටලුවකට මුහුණ පාන්නට සිදුවන බව ප්‍රද්ශයේ ගොවින් පවසා සිටි
හම්බන්තොට සිදුවන මහාපාරිමාන වන විනාශය හමුවේ නිජබිම් අහිමි වීම නිසා මේ ආකාරයෙන් අලින් ගම් වදින බවයි වනජීවී නිලධාරින් පවසා සිටින්නේ .
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS