දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් කොමිසමක් ඕනෑ - සී. වී. විග්නේෂ්වරන්
Homeප්‍රවෘත්ති

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් කොමිසමක් ඕනෑ - සී. වී. විග්නේෂ්වරන්

PropellerAds

  ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සැප් - 08 වැනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් යාපනයේ දී ඔහු හමු වූ අවස්ථාවකදීයි. පසු...

අපේ තේමාව වුණේ පොහොසත් ආණමඩුවක් ජනතාවට ඕනෑ වුණේ අරක්කු ආණමඩුවක් - රංගෙ බණ්ඩාර
අපේ තේමාව වුණේ පොහොසත් ආණමඩුවක් ජනතාවට ඕනෑ වුණේ අරක්කු ආණමඩුවක් - රංගෙ බණ්ඩාර
නායකයා රනිල්මයි: මහලේකම් අකිලමයි: පක්ෂය ප්‍රතිසංවිධාන කරනවා -එජාපයෙන් නිවේදනයක්
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් කොමිසමක් ඕනෑ - සී. වී. විග්නේෂ්වරන්

 

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සැප් - 08 වැනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් යාපනයේ දී ඔහු හමු වූ අවස්ථාවකදීයි. පසුගිය යුද සමයේ හා ඉන් පසු වකවානුව තුළ උතුරේ මෙන්ම දකුණේ දී ඝාතනයට ලක් වූ, අතුරුදහන් වූ සහ ප්‍රහාරයන්ට ගොදුරු වූ ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුවීම පමාවීම පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිදුකරන පර්යේෂණයත්, පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව විද්වත් අදහස් ලබා ගැනීමත් අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව සිදුවී තිබේ. පුළුල් ජනමාධ්‍ය ප්‍රතිසංස්කරනයක අවශ්‍යතාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ “සමහර ජනමාධ්‍ය අපට ඉතාම අහිතකර ලෙස අපගේ අදහස් විකෘති කර පළ කරනවා. ඒ ගැන සම්මුඛ සාකච්ඡාව සිදු කළ ජනමාධ්‍යවේදීන් සමඟ පසුව සාකච්ඡා කළ විට, ඔවුන් නිවැරදිව එම අදහස් ලියූ බවත්, ජනමාධ්‍ය ආයතනය තුළ දී හිමිකරුවන්ගේ උවමනාව මත එම විකෘතිවීම් සිදුකර ඇති බවත් එම ජනමාධ්‍යවේදීන් පවසනවා. උතුරේ ජනමාධ්‍ය තුළ මෙම හිතාමතා සිදු කරන විකෘති කිරීම් වඩාත් වැඩියි. බොහෝවිට මේවා සිදු වන්නේ දේශපාලන න්‍යාය පත්‍ර මතයි මෙවැනි විකෘති කිරීම් මගින් උතුරු - දකුණු සබඳතාවයට සිදුවන හානිය ගැන, සාමය - සංහිඳියාවට සිදුවන හානිය ගැන මෙම හිමිකරුවන් කල්පනා කරන්නේ නැහැ. මෙවැනි අවස්ථාවල ජනමාධ්‍යවේදීනුත් අසරණයි.”

මෙහි දී ‘ද නේශන්’ පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර්ව පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂට සෘජුවම අධිචෝදනා භාරදීමේ හැකියාවක් පවතින බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසනයට ලක් කිරීම සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අවසන් කොට මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත අදාළ ලිපිගොනු යවා ඇති බව පැවසේ.

පසුගිය දා පුවත්පත් මණ්ඩල ඩිප්ලෝමාධාරීන්ගේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවයට සහභාගී වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේ පසුගිය පාලන කාලය තුළ මාධ්‍ය වේදීන් 13 දෙනෙකු ඝාතනය කර එක මාධ්‍යවේදියෙකු අතුරුදහන් කර ඇති බවයි. එසේම ඒ සමයේ මාධ්‍යවේදීන් 87දෙනෙකු විවිධ පහර දීම්වලට, අඩත්තේට්ටම්වලට ගොදුරුව ඇති බව ඒ මහතා පවසුවේය.
චාමිනී මුතුහෙට්ටිගම

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් කොමිසමක් ඕනෑ - සී. වී. විග්නේෂ්වරන්
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් කොමිසමක් ඕනෑ - සී. වී. විග්නේෂ්වරන්
http://ift.tt/2f2u4sS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_560.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_560.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy