එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැත්තෑ දෙවන සැසිවාරයට සහභාගීවිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිවයිනෙන් පිටත්ව යයි. ජනාධිපති මෛත්‍රී...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැත්තෑ දෙවන සැසිවාරයට සහභාගීවිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිවයිනෙන් පිටත්ව යයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා මණ්ඩල සැසියට සහභාගී වන තෙවන අවස්ථාව මෙයයි.
ජනාධිපතිවරයා එළඹෙන 19 වැනිදා සිට සැසිවාරයට එක්වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය පසුගිය 12 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භ විය.
ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම , තිරසර ලෝකයක සැමට සාමය සහ සාරවත් ජීවිතයක් යන තේමාව යටතේ මෙවර මහා මණ්ඩල සැසි වාරය ලබන 25 වන දින තෙක් පැවැත්වේ.
COMMENTS