පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයනතවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට සුරක්ෂා රක්ෂණාවරණය සම්බන්ධයෙන් පැමිණිලක් ද ලැබී තිබේ. එය යො...
පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයනතවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට සුරක්ෂා රක්ෂණාවරණය සම්බන්ධයෙන් පැමිණිලක් ද ලැබී තිබේ.
එය යොමු කරනු ලැබ ඇත්තේ හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි.
සිසු දරුවන්ට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවූ සුරක්ෂා රක්ෂණාවරණය හරහා රුපියල් මිලියන 2300 ක් රාජ්‍ය මුදල් අවභාවිත කළ බව පැමිණිල්ලේ සඳහන්ව ඇත.
මීට අමතරව 2018 වසරේ මුද්‍රණය කළ පෙළ පොත් මිලියන 29 ක විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් පළ කිරීම සදහා රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට පැමිණිල්ලක් ද ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කොමිසමට යොමු කර තිබේ.
මේ අතර සාගර විශ්වවිද්‍යාලයේ උප කුලපති තිලක් ධර්මරත්න මහතා විශ්වවිද්‍යාලයේ සිදුකරන බව කියන මූල්‍ය වංචා සම්බන්ධ පැමිණිල්ලක් ද ඊයේ කොමිසම වෙත භාර දුන් බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය.
ඒ, ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසිනි.
මේ වනවිට කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 522 කි.
පැමිණිලි භාර ගැනීම ලබන 14 වන දා දක්වා සිදු කෙරේ.
COMMENTS