දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දඩ ලියා පොලිසි ගෙනයන්න පෙර ලයිෂන් එක කොස්තාපල්ගෙන් ඉස්සූ තරුණිය මාට්ටු
Homeගොසිප්

දඩ ලියා පොලිසි ගෙනයන්න පෙර ලයිෂන් එක කොස්තාපල්ගෙන් ඉස්සූ තරුණිය මාට්ටු

PropellerAds

පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු භාරයේ තිබූ තාවකාලික රියැදුරු බලපත්‍ර පොතක් උස්සාගෙන  ත්‍රිරෝද රථයකින් පලායෑමට උත්සාහ...

ජනාධිපති-අගමැති-කතානායක සාකච්ඡාවේ එකඟතා මෙන්න.
ජනාධිපතිගේ හදිසි ගැසට් නිවේදනය තාවකාලිකව ඉවත් කරගෙන.
නීතිය හා සාමය ෆොන්සේකාට? මහින්ද පාර්ශ්වය කලබල වෙලා.
පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු භාරයේ තිබූ තාවකාලික රියැදුරු බලපත්‍ර පොතක් උස්සාගෙන  ත්‍රිරෝද රථයකින් පලායෑමට උත්සාහ කළ තරුණියක් පෙරේදා (06) අත්  අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ මහරගම පාරට යොමුවන විදුලි සංඥා පද්ධතිය අසල රථ වාහන රාජකාරියේ පොලිස් කොස්තාපල් රණසිංහ (78966) මහතා මාර්ග සංඥා නොතකමින් යතුරුපැදියක් ධාවනයේ යෙදෙන අයුරු දැක එය නවතාගෙන ඇත.

යතුරුපැදිකාරිය සිදුකළ වරද පහදා දී ඇයගේ රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී එම තරුණිය කොස්තාපල්වරයා සන්තකයේ තිබූ තාවකාලික රියැදුරු බලපත්‍ර පොත පැහැරගෙන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් නවතාගෙන එම ස්ථානයෙන්  යෑමට උත්සාහ කිරීමේදී ත්‍රිරෝද රථ රියැදුරු ඇමැතූ කොස්තාපල් රණසිංහ (78966) මහතා

ඇයව රැගෙන නොයන ලෙස පැවැසීමත් සමඟ ගත් තාවකාලික රියැදුරු බලපත්‍ර පොත කොස්තාපල්වරයාට ලබා දී ත්‍රිරෝද රථයේ නැඟී යෑමට නැවතත් උත්සාහ කර ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම අවස්ථාවේදී නැවතත් ත්‍රිරෝද රථ රියැදුරු ඇමැතූ පොලිස් නිලධාරියා ඇයව රැගෙන නොයන ලෙස පවසා අධි පැය රාජකාරියෙහි නිරතව සිටි පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරනාත් සමරකෝන් මහතාට මෙම සිද්ධිය වහා දුරකථනයෙන් දැනුම් දීමට පියවර ගෙන තිබිණි.

ඒ සමඟම වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කාන්තා උප පොලිස් පරීක්‍ෂක
ශිරෝමි මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට යවා සැකකාර තරුණිය   රැගෙන ඒමට කටයුතු කළ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් තරුණිය 26 හැවිරිදි වියේ පසුවන මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර කොහුවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතන නිෂ්පාදන සැලසුම් විධායක තනතුරක නියැළෙන්නියක් බව ද පොලිසිය සඳහන් කරයි.


කොළඹ – එම්.සී. පෙරේරා
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දඩ ලියා පොලිසි ගෙනයන්න පෙර ලයිෂන් එක කොස්තාපල්ගෙන් ඉස්සූ තරුණිය මාට්ටු
දඩ ලියා පොලිසි ගෙනයන්න පෙර ලයිෂන් එක කොස්තාපල්ගෙන් ඉස්සූ තරුණිය මාට්ටු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCNjnAvlXMnr28gP3wcLm124_upgBhfep4rlR4yYou7R8bl30blq2JcoEF9Z80O5IFRLrZvTYuIsDWGbA7BYBVUAJjZSauNGWeJC92crvX4FS8A_mWDQUH2IFI-hWHfPj-2XR0diiRnJI/s1600/gossiplanka_2019-03-07-2080.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCNjnAvlXMnr28gP3wcLm124_upgBhfep4rlR4yYou7R8bl30blq2JcoEF9Z80O5IFRLrZvTYuIsDWGbA7BYBVUAJjZSauNGWeJC92crvX4FS8A_mWDQUH2IFI-hWHfPj-2XR0diiRnJI/s72-c/gossiplanka_2019-03-07-2080.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_375.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_375.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy