දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති-අගමැති-කතානායක සාකච්ඡාවේ එකඟතා මෙන්න.
Homeගොසිප්

ජනාධිපති-අගමැති-කතානායක සාකච්ඡාවේ එකඟතා මෙන්න.

PropellerAds

යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් අතිශය වැදගත් හා තීරණාත්මක සාකච්ඡාවක් අද ජනාධිපති නිළ නිවසේදී පැවැත්විණි. ඒ සඳහා ජනාධිපතිවරයා සමග අග්‍රාමාත්‍ය රන...

පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියා කොල්ලුපිටියේ ට්‍රැෆික් - කඳුලු ගෑස්
තාජුඩීන්ගේ රථය ලුහුබැඳි වාහනයේ සීසීටීවී දර්ශන කොළඹ සරසවියට
භීෂණ සමයේ අතුරුදන් බව සිතූ තරුණියක වසර 26 ක් නිවසක සිරවී - නැවත මතුවේ
යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් අතිශය වැදගත් හා තීරණාත්මක සාකච්ඡාවක් අද ජනාධිපති නිළ නිවසේදී පැවැත්විණි. ඒ සඳහා ජනාධිපතිවරයා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා සහභාගි වූහ.

සාකච්ඡාව ආරම්භයේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අගමැතිවරයා සමග කටයුතු කිරීමට නොහැකි බවට ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බවයි. ඒ අනුව අගමැති තනතුරේ වෙනසක් සිදු වියයුතු බවට ජනාධිපතිවරයා ඉඟි පළකර තිබේ.

මෙහිදී කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇතිවූ දේශපාලන තත්වය හේතුවෙන් රට අස්ථාවර වෙමින් පවතින බවයි. ආණ්ඩුව ඇතුළේ පවතින ගැටුම් සාකච්ඡා කර විසඳාගත හැකි බවත් එහෙත් මේ මොහොතේ පළමුව කළයුත්තේ රට දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම බවත් කතානායකවරයා අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

කරු ජයසූරිය මහතාගේ පැහැදිලි කිරීමෙන් පසුව එජාපය සහ ශ්‍රීලනිපය අතර ඇති ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීම කටයුතු කළයුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී තිබේ. යහපාලන ආණ්ඩුව බිඳදැමීම සඳහා කුමන්ත්‍රණකාරීන් ගෙනයන වැඩපිළිවෙල පරාජය කර ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියමාර්ග ගැනීමට කටයුතු කළයුතු බවට නායකයන් සාකච්ඡාව අවසානයේදී එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

2015 වසරේදී ජනතාව ලබාදුන් ජනමතය කිසිසේත් වෙනස් වී නොමැති බවත් ඒ අනුව ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකසා ගනිමින්, මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට සඳහා කටයුතු කළයුතු බවට නායකයන් එකඟ වී ඇත.

අගමැතිධූරයේ වෙනසක් මේ මොහොතේ කිසිසේත් අවශ්‍ය නොවන බවට නායකයන් එකඟ වී ඇති අතර ඒ අනුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීම අනිවාර්යෙන් සිදු කළයුතු බවට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද අවධාරණය කර ඇති අතර බොහෝ දුරට බදාදා දිනයේදි සිදුවනු ඇත. එහිදී සියලු ඇමතිධූර වෙනස්වීමට නියමිත වන බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරියේදි නැවතත් තිදෙනා එක්ව සාකච්ඡා කිරීමට ද එකඟ වී තිබේ.

මේ වනවිට අගමැතිවරයා සාකච්ඡාව අවසන් කර අරලියගහ මන්දිරයේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් සඳහා එක්ව සිටී. මේ අතර කරු ජයසූරිය මහතා ද කතානායක නිළ නිවසේදී තවත් සාකච්ඡාවක් සඳහා එක්ව සිටී.

අදාල සාකච්ඡාවලදී එකඟ වූ කරුණු සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදී අප ඔබවෙත ගෙන එන්නෙමු.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති-අගමැති-කතානායක සාකච්ඡාවේ එකඟතා මෙන්න.
ජනාධිපති-අගමැති-කතානායක සාකච්ඡාවේ එකඟතා මෙන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQH13iBP6VU6miL6xq6kWQXisZbLMDJ3qNdqdaAW9n8BYWvMbnfXbEXm2K2aaDsKjQiIDBSyfcFbBRBUYAktju6jQr8jELdGcwK3Lsl0lPSjFbPm_dFW4YKjy4qeP9uaureaNtMdSRlrlk/s1600/5.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQH13iBP6VU6miL6xq6kWQXisZbLMDJ3qNdqdaAW9n8BYWvMbnfXbEXm2K2aaDsKjQiIDBSyfcFbBRBUYAktju6jQr8jELdGcwK3Lsl0lPSjFbPm_dFW4YKjy4qeP9uaureaNtMdSRlrlk/s72-c/5.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_966.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_966.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy