දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිය හා සාමය ෆොන්සේකාට? මහින්ද පාර්ශ්වය කලබල වෙලා.
Homeගොසිප්

නීතිය හා සාමය ෆොන්සේකාට? මහින්ද පාර්ශ්වය කලබල වෙලා.

PropellerAds

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය, හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවරීමට යන බව අප පසුගිය 16 වැනිදා වාර්තා කළෙමු. මේ වනවිට...

මහියංගනයේ ගොවියෙක් සභාවක් ඉස්සරහා කිව්ව මසුරන් කතාව [Video]
උදර්පණ නීතිය ජනපති යටතට.
රාජපක්ෂලා ගෙන් පඩි ගත් මාධ්‍යවේදීන් ගැන හෙළිවේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය, හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවරීමට යන බව අප පසුගිය 16 වැනිදා වාර්තා කළෙමු. මේ වනවිට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ලැබී ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ මෙම තීරණය හේතුවෙන් මහින්ද පාර්ශ්වය මෙන්ම පැවති ආණ්ඩුවේ විවිධ දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් දැඩි සේ කලබලයට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

2015 ජනාධිපතිවරණයේදී දූෂිතයන්ට, හොරුන්ට, මිනීමරුවන්ට දැඩි දඬුවම් පමුණුවන බව පොරොන්දු වුවද වත්මන් ආණ්ඩුව එම පොරොන්දු ඉටුකිරීමට මෙතෙක් සමත් වී නොමැත. නීතිය හා සාමය අමාත්‍යංශය මෙන්ම අධිකරණ අමාත්‍යංශය ඒ සඳහා ප්‍රමාණවත් උත්සාහයක් නොගත් අතර අවසානයේ එය පළාත් පාලන මැතිවරණයේදී ජනතා මතය ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශවීමට ද හේතු විය. මේ පිළිබඳව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට මෙන්ම සාගල රත්නායක මහතාට ද චෝදනා එල්ල වූ අතර බොහෝ දෙනා ප්‍රකාශ කළේ ඔවුන් නිළ නොවන අන්දමින් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහචරයන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

මේ නිසා විජයදාස රාජපක්ෂ මහතාට අමාත්‍යධූරයෙන් ඉවත්වීමට සිදු වූ අතර පසුගියදා සාගල රත්නායක මහතාට සිය අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ද මෙම ක්‍රියාකලාපය දැඩි සේ බලපෑවේය. යහපාලන ආණ්ඩුව අහිමි කරගත් ජනතා කැමැත්ත නැවත ලබාගැනීමට නම් පොරොන්දු වූ පරිදි මහා පරිමාණ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට සහ පැවති රජය සමයේ සිදු වූ ඝාතනවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වහ වහා කටයුතු කළ යුතුය.

නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා මහතාට පැවරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මහින්ද පාර්ශ්වය දැඩි සේ කලබලයට පත්ව ඇති අතර එම තීරණය කණපිට හැරවීම සඳහා ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් සිටී. ඒ සඳහා ඔවුන් භාවිතා කරන ප්‍රධාන සාධකය වන්නේ ඔහු හිටපු යුද හමුදාපතිවරයා වීම හා ෆොන්ස්කා මහතා නීතිවේදියෙකු නොවීමයි.

නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු සම්පත් නීතිය හා සාමය අමාත්‍යංශය සතුව ඇති අතර අවශ්‍ය වන්නේ සෘජු ප්‍රතිපත්ති මත පිහිටා නිර්භීතව කටයුතු කරන ඇමතිවරයෙකු පමණි. ෆොන්සේකා මහතාට ඒ හැකියාව උපරිමව පවතින අතර දැන් කළයුත්තේ මෙතෙක් අතපසු වී ඇති කටයුතු ආරම්භ කිරීම පමණි.

මහින්ද පාර්ශ්වයේ අනෙක් තර්කය වන්නේ ෆොන්සේකා මහතා පෞද්ගලික තරහ පිරිමසා ගැනීමට කටයුතු කරනු ඇති බවයි. 2010 ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂ මහතා සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිය හා සාමය ෆොන්සේකාට? මහින්ද පාර්ශ්වය කලබල වෙලා.
නීතිය හා සාමය ෆොන්සේකාට? මහින්ද පාර්ශ්වය කලබල වෙලා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8jrwBHiMVAzOQjejyUxtUhkCx_Pa9KosKv0JFk2qplhhSZ8JRKW2YbVaQs7ioRdjF1lxLYQ4SZMl7TLtYTOukHOuEQ7ESEOmjFKg3U5wWtW14GH2gkdpnSr4lw1zb4CMwobPclZGjqjq_/s1600/6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8jrwBHiMVAzOQjejyUxtUhkCx_Pa9KosKv0JFk2qplhhSZ8JRKW2YbVaQs7ioRdjF1lxLYQ4SZMl7TLtYTOukHOuEQ7ESEOmjFKg3U5wWtW14GH2gkdpnSr4lw1zb4CMwobPclZGjqjq_/s72-c/6.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_977.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_977.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy