ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේග...
ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොවුන් කොළඹ , මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58, 40 සහ 18 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයන් පිරිසකි .
ඔවුන් අද (05) අලුයම 3.30 ට සාජා නුවර සිට පැමිණි එයා ඇරේබියා ගුවන් සේවයට අයත් ජී.- 9501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව මෙම පිරිස ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ එයින් පිටව යමින් සිටියදී , ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ සගවා ගෙන තිබූ " ටොප් මවුන්ටන් " වර්ගයේ රුපියල් 38,94,000 ක් වටිනා , දුම්වැටි 70,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 354 ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන කේ.එච්.පී.කුමාරසිරි , ඒ.යූ.කේ.දොඩංවෙළ , ආර්.සී.එම්.මුන්මුල්ලගේ , රේගු අධිකාරී ඒ.ශාන්තප්‍රිය , සහකාර රේගු අධිකාරීවරුන් වන එච්.යූ.අයි.පෙරේරා , එච්.පී.එම්.ඒ.ජී.පතිරණ , බී.ඒ.සී.ද සිල්වා , එච්.චරිත් , එම්.පෙරේරා , පී.එච්. ටී.එස්.හෙට්ටිආරච්චි , පී.එච්.ඩී.පී.චන්ද්‍රරත්න සහ ඩී.එම්.ටී.සී.බී.දිසානායක යන මහත්වරුන් පිරිසක් මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
(කටුනායක ටී.කේ.ජී.කපිල)
COMMENTS