විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග...
විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
විදුලිබල ජනනය සීමාවී තිබීම හේතුවෙන් විදුලි පද්ධතිය නිසිපරිදි පවත්වා ගෙනයාමට අවශ්‍ය හෙයින් මෙලෙස විදුලිය කප්පාදු කරන බවද පැවසේ.
විටින්විට විදුලි බිඳවැටීම් සිදුවන අතර එවැනි අවස්ථාවක හිතාමතාම පැය කිහිපයක් ඒවා යථා තත්ත්වයට පත්කිරීමෙන් වැළකී සිටින බවද එසේ නොකළහොත් පද්ධතිය පවත්වාගෙන යා නොහැකි බවද ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
කාසල්රී 9% ක්, මාවුස්සා කැලේ 26.5% ක්, කොත්මලේ 34.2% ක්, වික්ටෝරියා 36.9% ක්, රන්දෙණිගල 88% ක් සහ සමනලවැව 18%ක් ආදී වශයෙන් ජල මට්ටම පහත ගොස් තිබිණි.
COMMENTS