ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු පුද්ගල මතවාද අනුව ගොඩනැගුණු පක්ෂයක් නොවන බව පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු පුද්ගල මතවාද අනුව ගොඩනැගුණු පක්ෂයක් නොවන බව පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ දෙහිවල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“හැබැයි බණ්ඩාරනායක මැතිතුමාලගෙන් ආරම්භ කරපු මේ පක්ෂය එතනින් පස්සේ හම්බන්තොට ඈත පිටිසර මැදමුලනට ගිහිල්ලා ඒ සාමාන්‍ය රාජපක්ෂ වරයෙකුට මේ පක්ෂයේ නායකත්වය දෙනවා. අද එය පොළොන්නරුවේ ගොවියෙකුගේ පුතෙකුට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ රටේ තියෙනවා එක් කොටි විසි පන් ලක්ෂයක් ජන්ද. ඊළඟ ජනාධිපතිවරණයෙන් දිනන අපේක්ෂකයා කවුරු හෝ ලක්ෂ 65කට වැඩිය ගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය දීලා පොදුජන පෙරමුණ ගත්තේ ලක්ෂ 49යි. ලක්ෂ 65ක් යන්න නම් අපි ගාව තව ලක්ෂ 15ක් තියෙනවා. අපේ 15 ගත්තොත් අපිට පුළුවන් අපේ ජනාධිපති කෙනෙක් පත් කරන්න. අපි 16දෙනා එලියට ආවා. මොකටද 16 දෙනා එලියට ආවේ? අපි කිව්වා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු කරගෙන පාලමක් බවට පත් වෙනවා කියලා. ඒත් අපේ අතරේ කට්ටියක් ගිහිල්ලා පොහොට්ටුවටම හේත්තු වුණා. හේත්තු වෙන්න වුනමනාව තිබුණා. ඒ කරුමක්කාරකමට මම සුදානම් නැහැ. මම කිව්වා අනන්‍යතාවයක් නැතුව ඔතන ගිහිල්ලා එක එක්කෙනාගේ කුඩාරම් ඇතුලේ රිංගන්න මම සූදානම් නැහැ.”
COMMENTS