පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ට හිමි විය යුතු බවට එක්සත් ජනතා නිද...
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ට හිමි විය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් ඊයේ ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නිදහස් සන්ධානය යටතේ මැතිවරණයට තරග කළ පිරිසක් වන අතර, නිදහස් සන්ධානය ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කරන හෙයින් විපක්ෂ නායක ධුරය නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකුට ලබාදීම නුසුදුසු බවට ඔවුන් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන මතය ඊයේ එහි මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලිඛිතව කථානායකවරයා වෙත යොමු කර තිබේ.
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මතය අද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර, පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කථානායක කාර්යාලය පවසයි.
COMMENTS