බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට උන් වහන්සේ ඇත...
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර තිබේ.
ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට උන් වහන්සේ ඇතුළු කර ඇත්තේ මුත‍්‍රාහයේ හා වකුගඩුවල ගල් තත්වයත් උත්සන්න වීමෙන් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
බොහෝ දුරට උන් වහන්සේට හදිසි සැත්කමක් සිදු කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.
මෙම අසනීප තත්වය නිසාම උන් වහන්සේ මීට පෙර දෙවතාවක්ම සැත්කම් සිදු කර තිබේ.
මේ අතර ඥාණසාර හිමියන් විසින් අධිකරණයට අපහාස කලේ යයි අභියාචනාධිකරණ හමුවේ ගොනු කර ඇති පැමිණිල්ලක තීන්දුව හෙට දිනයේදී ලබා දීමට නියමිතය.
COMMENTS